රටට අහිතකරනම් එට්කා නෑ…

ETCA-protestඉන්දියාව සමග අත්සන් කිරීමට යෝජිත එට්කා ගිවිසුම රටට අහිතකර නම් ඊට තමා අනුමැතිය නොදෙනබව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ශපථ වී තිබේ.

ජනාධිපති සහ වෛද්‍ය නිලධාරී සංගමය අතර 11 දා පැවති සාකච්ඡාවේදී මෙම පොරොන්දුව ලබාදී  ඇත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නලීන් සොයිසා මේ බව මාධ්‍යයට පැවසීය.

එට්කා වැනි ජාඉත්‍යාන්තර වෙළෙද ගිවිසුමක් ඇතිකර ගැනීමේදී ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවය මෙහිදී සාකච්චාවට බදුන් වී ඇත.

ජනතාවට අහිතකර බලපෑම් එල්ලවන කිසිදු ගිවිසුමකට තම පාලන කාලය තුළ එකග නොවන බවත් ඒ ඕනෑම ගිවිසුමක් ජනතාවට ඉදිරිපත්කර ජනතා එකගතාවය අනුව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවයා මෙහිදී පවසා ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.