Painter:සිතුවම් අතුරුදහන් වීමේ තැවුල

 

painter

 

 

 

සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පී ඩේවිඩ් පේන්ටර් ගේ චිත්‍ර පොරොන්දු වූ පරිදි කැලණිය විශ්ව විද්‍යාලයට භාර නොදීම සම්බන්ධයෙන් මහචාර්ය ඇල්බට් ධර්මසිරිට නඩු පවර තිබේ.

 

මෙම චිත්‍ර වල වටිනාකම රුපියල් ලක්ෂ109ක් බව ගණන් බල තිබේ.

මේ චිත්‍ර නුවරඑළියේ ඩේවිඩ් පේන්ටර් ළමා නිවාසයයේ  තිබී කැලණිය විශ්ව විද්‍යාලයේ ප්‍රදර්ශනය කිරීම සඳහා මහාචාර්ය ඇල්බට් ධර්මසිරි වෙත භාරදුන් නමුත් චිත්‍ර වලට සිදුවූ දේ පිළිබඳව තොඅතුරක් නැති බවයි  සරත්චන්ද්‍රරජීව නම් පෙත්සම්කරු පවසන්නේ .

 

මහචාර්ය ඇල්බට් ධර්මස්රි ඇප මත මුදා හැර ඇති අතර ඔහුගේ විදේශ ගමන්  බලපත්‍රය තහනම් කොට ඇත.

මේ කනගාටුදායක සිදුවීම ජාතියේ උරුමයක් වූ  පේන්ටර්  සිත්තරා ගේ මෙහෙය ගැන යලිත් වරක් සිතා බලනට අපව පොලඹවයි.-මේ අලව්වේ චන්දන රණවීර සිළුමිණට තැබූ සටහනකින්

David_Paynter

 

1900 මාර්තු පස්වනදා ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ හිමාලය කඳු පාමුල පිහිටි ඇල්ලෝරාවේ මිෂනාරි පවුලක මේ අපූර්ව සිත්තරා උපත ලැබී ය. මොහුගේ පියා එකල සිටි ගැලවීමේ හමුදාවේ යුරෝපීය ජාතිකයා වූ අතර මව දකුණ පළාතේ සිංහල කාන්තාවක් විය.

 

ඩේවිඩ් පේන්ටර් නම් සිත්තරා මිෂනාරි සිසුන් වෙනුවෙන් වෙන් කළ බ්‍රීක් මෙමෝරියල් පාසලෙන් ද මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් ද ශිල්ප හැදෑරීය. අනතුරු ව වයස අවුරුදු දහනවයේදී බ්‍රිතාන්‍ය රාජකීය පාසලට ඇතුළු වී වසර පහක පමණ කාලයක් චිත්‍ර කලාව ප්‍රගුණ කළේ ය. මොහු එහි ඉගෙන ගන්නා අතර තුර වයස අවුරුදු විස්සේදී “ද ස්ටික්ස්” නම් කෘතිය නිර්මාණය කළේ ය.

 

බ්‍රිතාන්‍ය රාජකීය පාසල මඟින් පේන්ටර් වෙත රන් පදක්කමක් පිරි නැමුවේ ද ඔහුගේ චිත්‍ර කලා ශෛලියේ විවිධ නවතා හා නිර්මාණශීලි කුසලතා දුටු බැවිනි. පසුව ඩේවිඩ් පේන්ටර් විසිවස් ස්කෝට් ශිෂ්‍යත්වයක්ද දිනාගත් අතර දෑ අවුරුද්දක් ඉතාලියට ගොස් චිත්‍ර කලාව තවදුරටත් ප්‍රගුණ කළේ ය.

 

මෙහිදී ඉතාලි චිත්‍ර කලාව ඉතා සූක්ෂම ලෙස අධ්‍යයනය කර තමාට ආවේණික චිත්‍ර කලා ශෛලියක් ගොඩ නඟා ගැනීමට පේන්ටර්ට හැකි විය.

 

ඩේවිඩ් පේන්ටර් සිත්තරා එඩින්බරෝ, ලීවර්පූල්, මැන්චෙස්ටර්, බ්‍රයිටන්, නිව්යෝක් ලොව ප්‍රචලිත චිත්‍ර කලාගාරයන්හි චිත්‍ර ප්‍රදර්ශනය කිරීමේ වරම ද ලබා ගත්තේ ය. එයට අමතරව කාල් කස්මන්, ජේ. ඩී. ඒ පෙරේරා යන චිත්‍ර ශිල්පීන් සමඟ සමූහ ප්‍රදර්ශන කිහිපයක් ද විවිධ ස්ථානවලදී පවත්වනු ලැබී ය.

 

මේ තිදෙනා එක් ව 1949 වසරේ ජාතික කලාභවනේදී පැවැත්වූ චිත්‍ර ප්‍රදර්ශනය බොහෝ අයගේ විශේෂ පැසසුමට ලක් වී ඇත. 1946 වර්ෂයේ නවදිල්ලියේ පවත්වන ලද ජාත්‍යන්තර චිත්‍ර ප්‍රදර්ශනයේදී අග්‍රගණ්‍ය ශිල්පියාට හිමි සම්මානය ද ඩේවිඩ් පේන්ටර් විසින් හිමිකර ගැනීම ලාංකීය චිත්‍ර කලා ගමන්මඟේ විශිෂ්ට ජයග්‍රහණයක් බව අමතක නොකළ යුතුය.

Picturepaynter

1925 දී ලංකාවට පැමිණ හේවුඩ් මන්දිරය ආරම්භ කිරීමෙන් පසුව එහි කථිකාචාර්ය ධුරයට පත් වූ පේන්ටර් 1956 දී රජයේ ලලිත කලායතනයේ දෙවැනි විදුහල්පති විය.

 

ඩේවිඩ් පේන්ටර් මානව රූප ඇඳීමෙහිද විශිෂ්ටතාවයක් පෙන් වූ අද්විතීය චිත්‍ර ශිල්පියෙකි. මානව දේහය තාත්වික ව ඇඳීමට පේන්ටර් ඉතා දක්ෂයෙක් විය. ඩේවිඩ් පේන්ටර් අඳුරු වර්ණ වලින් මිදී තමාගේ කලා කෘති වලට දීප්තිමත් වර්ණ බොහෝ දුරට භාවිත කර ඇති අතර ඒ වර්ණයන්ගෙන් එක ම වර්ණයේ ප්‍රභේද හා දම් හා රෝස පැහැයන්ට විශේෂ ස්ථානයක් ලබා දී ඇති වග සමස්ත චිත්‍ර සංධ්වනිය ම සලකා බැලීමේදී පෙනී යයි. යුරෝපීය සිතුවමෙන් හා පෙරදිග සිතුවමෙන් පෝෂණය වූ චිත්‍ර කලා ශෛලියක් ඩේවිඩ් පේන්ටර් විසින් ගොඩ නඟා ගෙන ඇත. ඔහුට ම ආවේණික තෙලි පහරවල් වර්ණ මිශ්‍රනයන් ඒ කලා කෘතින්හි අඩංගු වී ඇති බව පේන්ටර්ගේ සිතුවම් ඉතා සියුම් ව නිරීක්ෂණය කරන්නෙකුට මැනවින් පැහැදිලි වන කරුණකි.

 

පේන්ටර් ප්‍රතිරූප චිත්‍ර නිර්මාණය කිරීමට ද ඉතා දක්ෂයෙකි. ඔහුට ම ආවේණික වර්ණ මාලාවක් මේ ප්‍රතිරූප නිර්මාණය කිරීම සඳහා පේන්ටර් තෝරාගෙන ඇත්තේ නිර්ලෝභීවය. රිද්මයානුකූල බවත් මානව රූප වල දිගටි බවත් පේන්ටර්ගේ චිත්‍රවල දක්නට ලැබෙන තවත් විශේෂ ලක්ෂණයකි.

 

පේන්ටර්ගේ චිත්‍ර කලා ගමනාරම්භයේ විශිෂ්ටතම නවාතැන වනුයේ මහනුවර ත්‍රිත්ව දෙව් මැදුරේ ඇඳි බිතු සිතුවම් සමූහයයි.

 

ත්‍රිත්ව මැදුරේ බිතු සිතුවම් සියල්ල අතර තවත් ප්‍රධාන තැනක් ගන්නා බිතු සිතුවමක් වනුයේ කල්වරි කන්දේ කුරුසියට ඇණ ගසන ලද ජේසුස් වහන්සේගේ කෘතියයි. මෙහි පසුබිමට දේශීය අනන්‍යතාවක් ඉතා උචිත අයුරින් ඇඳීමට පේන්ටර් අමතක කර නැත.

 

දැඩි මානව හිතවාදී සිත්තරකු වූ ඩේවිඩ් පේන්ටර් ළමා සිත්තරුන්ට ද චිත්‍ර කලාව කියා දුන් උසස් ගුරුවරයෙකි.

 

දැඩි හිත් කළකිරීමක් මත ඩේවිඩ් පේන්ටර් සැඳෑ සමයේ කොළඹ නගරය අතහැර නුවරඑළිය ප්‍රදේශයේ අනාථ දරුවන් හදන වඩන අයට උදව් කිරීමෙන් ද අනතුරුව ත්‍රිකුණාමලයේ ගොවිපළක් ආරම්භ කිරීමෙන් ද නිදහසේ ජීවත් විය.

 

මානව රූපයේ ආයතනික ලාංකීය ලකුණක් වන ඩේවිඩ් පේන්ටර් සිත්තරා 1975 ජූනි 09 වන දින නුවරඑළියේ යූනියන් දේවස්ථාන සුසාන භූමියේදී මිහිදන් කෙරුණි.

 

David Shillingford Paynter the   internationally renowned Sri Lankan painters art has gone missing and prof Albert Dharmasiri has been charged.

 

 

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.