Police:දරුවා බේරා ගත් පොලිස් මවට ප්‍රසාද

මවක්‌ තම සය හැවිරිදි දරුවා දුම්රියට තල්ලු කර මරා දැමීමට උත්සාහ කරද්දී තම ජීවිතය ගැන නොතකා දුම්රිය මාර්ගයට පැන දරුවාගේ ජීවිතය බේරා ගත් ගැබිනියක වූ පොලිස්‌ කාන්තාවට මුදල් තිළිණයක්‌ ලබාදීමට කටයුතු කරන ලෙස පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතා සිය ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ඊයේ (06 වැනිදා) නියෝග කළේය.

සමුළුවකට සහභාගිවීම සඳහා රුවන්ඩාවට ගොස්‌ සිටින පොලිස්‌පතිවරයා එහි සිට මෙම නියෝගය කළ බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පැවැසීය.

සිය ජීවිතය ගැන නොතකා මෙම වීර ක්‍රියාවේ නිරත වුණේ මහනුවර පොලිසියේ කාන්තා කොස්‌තාපල් ෂර්මිලා දිල්රුක්‍ෂි මහත්මියයි.

සැකකාර මව තම දරුවා දුම්රියට තල්ලු කිරීමට ක්‍රියා කළ මොහොතේ මෙම පොලිස්‌ කාන්තාව ධාවනය වෙමින් තිබූ දුම්රිය නතර කිරීම සඳහා ක්‍රියාකිරීම නිසා මෙම දරුවාගේ ජීවිතය බේරා ගැනීමට හැකි විය.

පොලිස්‌ කාන්තාවගේ මෙම ක්‍රියාව පිළිබඳව පොලිස්‌පතිවරයා පැහැදීමකට පත් වූ අතර, ඇයගේ සේවා තත්ත්වය පිළිබඳව ද කිසියම් ක්‍රියාමාර්ගයක්‌ ගනු ඇතැයි පොලිස්‌ මූලස්‌ථානය කියයි.

මෙම පොලිස්‌ කාන්තාව වවුනියාව, පොලොන්නරුව ප්‍රදේශවලද සේවය කර අති අතර, වවුනියාවේ සේවය කරද්aදී මරාගෙන මැරෙන කොටි සාමාජිකයකු කළ පිපිරීමකට ද ලක්‌වී තුවාල ලබා තිබිණි.

මෙම පිපිරීමෙන් පොලිස්‌ නිලධාරීන් කිහිපදෙනකු මියගොස්‌ තිබිණි.

උසස්‌වීම් ලබා ගැනීමේ ෙච්තනාවෙන් තමා මෙම ක්‍රියාව නොකළ බව ද, පොලිස්‌ නිලධාරිනියක්‌ වශයෙන් තමන් සතු කාර්යය නොඅඩුව ඉටු කළ බව ද දිල්රුක්‍ෂි මහත්මිය කීවාය.

එක්‌දරු මවක වන දිල්රුක්‍ෂි මහත්මිය දෙවැනි දරු ප්‍රසූතිය සඳහා සූදානම් වෙමින් සිටියි. දිල්රුක්‍ෂිගේ සැමියා ද පොලිස්‌ නිලධාරියෙකි.

මේ  දිල්රුක්ෂි  සිදුවීම විස්තර කල ආකාරයයි


සිද්ධිය පිළිබඳව දිල්රුක්‌ෂි මහත්මිය ‘දිවයින’ට දුරකථනයෙන් මෙසේ ප්‍රකාශ කළාය.

ඊයේ උදේ මවක්‌ දරුවකුගේ අතින් ඇදගෙන දුම්රිය මාර්ගය අසලට ආවා.

මෙම දරුවාගේ වයස අවුරුදු 10 ක්‌ විතර ඇති. දරුවා විලාප දුන්නා. මට බැහැ අම්මේ මට බැහැ. කියමින් දරුවා බිම වාඩි වුණා.

මේ අම්මා කේන්තියෙන් වගේ හිටියේ. මම ඇහුවා මොකක්‌ද මේ කරන්න යන්නේ කියලා. එතකොට ඒ අම්මා මාත් එක්‌කත් රණ්‌ඩු කළා. එතකොට දුම්රිය ඈතින් එනවා. දරුවා ‘මට බැහැ අම්මේ’ කියමින් කෑගැසුවා. මට තේරුණා මේ අම්මා දරුවාව දුම්රියට තල්ලු කරන්න යනවා කියලා. මා හිටපු තත්ත්වයට එය වළක්‌වන්න මට අසීරු නිසා ඈතින් එන දුම්රියට මම අත ඔසවා සිටියා.

රථවාහන හසුරුවා පළපුරුද්ද තිබෙන හින්දා මගේ අත ඉබේම එසවුණා. දුම්රිය රියෑදුරුට මාව හොඳට පෙනෙනවා. ඔහු ඈත ඉඳලාම දුම්රියේ වේගය අඩු කරගෙන ඇවිත් ඇන්ජිම මා අසල නතර කළා. මා හිතුවා හරි. මේ මව ඇයගේ සැමියා සමග රණ්‌ඩු කරගෙන ඇවිත් තිබෙන්නේ. උදේ වියදමට සැමියා සල්ලි නොදුන් නිසා දරුවාව දුම්රිය මාර්ගයට මේ විදිහට ඇදගෙන ඇවිත් තිබෙනවා.

 

 

women police constable who saved child’s life  gets an award

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.