Police-ආණ්ඩුව බේරයි

උද්ඝෝෂණයේ යෙදුනු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පහර දීම පිලිබඳ වගකීම පොලිසිය විසින් භාර ගැනීම හාස්‍යට තුඩු දෙන කරුනකි මන්දයත් ආණ්ඩුවේ අනුදැනුමකින් තොරව පොලීසිය විරෝධතාකරුවන්ට ෆර් නොදෙන බව බොහෝ දෙනා හොදින් දන්නා සත්‍යයක් වන හෙයිනි.

අන්තර් උසස්‌ ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව  (HNDA)  සුරැකීමේ ශිෂ්‍ය එකමුතුවට  පොලිසිය විසින්  සිසුන්ට ප්‍රහාරයක් එල්ල කළ බව කොළඹ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට 05 බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ පිළිගත් බව ශිෂ්‍ය නායකයෝ මාධ්‍යවේදීන්ට පැවසුහ.

HNDA ශිෂ්‍ය එකමුතුවේ කැඳවුම්කාර ධම්මික රුවන් කුමාර ප්‍රකාශ කළේ රජයේ අනුදැන්මකින් තොරව පොලිසිය තමන්ගේම තීරණයක් ක්‍රියාත්මක කළ බව පැමිණ සිටි නිලධාරීන් කොමිසමට කියා සිටි බවයි.

කෙසේ වෙතත්, HNDA පාඨමාලා හදාරන්නන්ගේ ගැටලුව විසඳීම වෙනුවෙන් පොලිසිය කිසිවක් නොකළ බව මානව හිමිකම් කොමිසමේ පිළිගැනීම වූ බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

 

HNDA attack girl

නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට, කොළඹ මධ්‍යම කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චම්පික සිරිවර්ධන කැටුව කොටුව, පිටකොටුව, බොරැල්ල, දෙමටගොඩ, කුරුඳුවත්ත යන පොලිස් ස්ථානාධිපතිවරුන් පැමිණ සිටි අතර පොලිසිය වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන් කණ්ඩායමක් සමග පැමිණි හිටපු පොලිස් ප්‍රකාශක අජිත් රෝහණ නීතිඥවරයා ප්‍රකාශ කළේ සිදුවී ඇත්තේ පොලිසිය ‘රටේ නීතිය අනුව තමන්ගේ බලතල ක්‍රියාත්මක කිරීමක්’ බවයි.

police admits attack on students

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.