Political prisoners freed on bail:අටකට ඇප

Sequence-38.Still002

 

 

 

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටි තවත් දේශපාලන සිරකරුවන්  8 දෙනකු රුපියල් දසලක්ෂය බැගින් වු ශරීර ඇප මත නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල 16 සදුදා  නියෝග කළාය.

නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඇප ඉල්ලීම ඉදිරිපත් කරන ලද්දේ රජයේ නීතිඥ අසාද් නවාවි විසිනි.

කනලිංගම් බවනන්දම්, ස්කන්ධරාජා, මනික්කාවේ කණ්ඩාලයන්, කුලශංකර්, කන්දයියා කරුණානන්දි, පුවිධරන්, යෝහානන්දන් සහ සුවින්ද්‍රන් යන සිරකරුවන්ට  මෙසේ ඇප නියම වී ඇත.

විදේශ ගමන්  සම්පූර්ණයෙන් තහනම්

ඔවුන්ගේ විදේශ ගමන් ද සම්පූර්ණයෙන් තහනම් කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.

සෑම මසකම දෙවැනි සහ අවසන් ඉරිදා  ත්‍රස්ත විමර්ශන ඒකකයට වාර්තා  කළ යුතු බවටත්  පදිංචිය වෙනස් කරන්නේ නම් ඒ පිළිබඳ අධිකරණය දැනුවත් කළ යුතු බවටත්  මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.

අදාළ නඩු  ලබන වසරේ ජනවාරි මස 27 වනදා නැවත කැදවීමට නියමිතය.

මේ අනූව පසුගියදා ඇප නියම කෙරුණු  දේශපාලන සිරකරුවන්  31 දෙනා සමග මේ දක්වා ඇප හිමිව ඇති දේශපාලන සිරකරුවන් ගණන  39 කි.

 

 

[vsw id=”/3iJKE-CAv_0″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

eight political prisoners freed on bail

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.