Power:සමන්තා ගේ පවර් එක

Samantha-power-jaffna-01

 

 

ශ්‍රී ලංකාවට පැමිණ සිටින එක්‌සත් ජාතීන්ගේ ඇමරිකානු තානාපතිනිය වන සමන්තා පවර්  ගේ ගමන මෑත කාලයේ සිදුවූ ඉතා තීරණාත්මක මැදිහත්වීමක් ලෙස සැලකිය හැකිය.

මන්දයත් මේ වන විට රාජ්‍ය යාන්ත්‍රණයට නායකත්වය දෙන රනිල් වික්‍රමසිංහ දැනුවත්ව ඇමරිකානු යෝජනාවලට  සහයෝගය දක්වන අතර අනෙක් අතට රනිල්ට අවස්ථාවක් ලබා දිය යුතු බව ඇමරිකාව  විස්වාශ  කරන බව පෙනේ.

අයවැය යෝජනා,මධ්‍යම පන්තිය නගා සිටුවීමේ වැඩ පිළිවෙල, තෝරාගත් විදේශ සංවිධානවල තනම ඉවත් කිරීම, විදේශ ගත ශ්‍රී ලාංකිකයින් ගේ හමුව පැවත්වීම,එක්සත් ජාතීන්ගේ නිරීක්ෂණ කණ්ඩායම සමඟ සහයෝගයෙන් වැඩ කිරීම ආදී සිදුවීම් සහ සමන්තා පවර් ගේ ගමන ගැන  පැහැදිලි සහ සම්බන්ධයක් දක්නට ඇති බව පෙනෙන්නට තිබේ.

රනිල් වික්‍රමසිංහ ඇමරිකාවෙන්  ඉල්ලං කන්නට නොව දෙන දෙයක් අරගෙන වැඩේ පිරිමසා ගැනීමට සුදානම් වන බවක් පෙනේ, ඔහුට විරෝධය පළ  කරන දකුණේ බලවේග

මෙල්ල කර ගැනීම සඳහා හෙණ්ඩුව ලෙස භාවිතා කිරීමට උත්සාහ කරන්නේ ඇමරිකානු සහයෝගයයි.

 

maithri-samantha-231115-seithy4

 

ගෙම්බන් පැනීම

මහින්ද පිළේ කීප  දෙනෙක්  පාලක සභාගයට පැනීමට අර අඳින බව ආරංචි වන්නේ සමන්තා රටින් නික්ම යන්නටත් පෙරය.

ඇමති කටු කීපයක් එහාට මෙහාට වීසි කිරීමෙන් බොහෝ ප්‍රශ්න වීසඳා ගත හැකි බව රනිල් දනී.

එහෙත්  සමන්තා ගේ පවර් එක සැබෑ ලෙසම දැනෙන පවර් එකක් බවට පත් වීමට නම් ආර්ථිකය ජව ගැන්විය යුතුය.රවී කරුණානායක ආයෝජකයින්ට බදු සහන දෙන බව කී සැනින් ආයෝජකයින් කඩා  ගෙන බිඳ ගෙන එන්නේ නැත.

දැනට කල හැකි එකම දේ කඩා වැටුනු ඉදිකිරීම් කර්මාන්තය යළි පන් ගැන්වීමයි. රැකියා විශාල ප්‍රමාණයක් එකවර ජනිත කල හැක්කේ එමගින් පමණි.මේ සඳහා යළිත් චීනාට කිට්ටු කොට එදා රාජපක්ෂට කරන්නට එපා කියූ දේ කරන්නට සිදුවනු ඇත.

එතනැදී ඇමරිකාව සමඟ තේරුම් ගැනීමක් ඇතුළත යම් මේ දේ කරගන්නට හැකිනම් එය වැඩ කර ගෙන යාමට පහසුවක් ගෙන් දේ. සමන්තා පවර් ගේ ගමන ඒ සඳහා ඉතා වැදගත් අඩිතාලමක් දමන බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පෙන්වා දේ.

powerjaff

USAID

අනෙක් අතට බොහෝ බටහිර අන්තර් ජාතික සංවර්ධන ආයතන අරමුදල් කැප හැර ඇති අවස්ථාවක  ඇමරිකානු ආධාර ආයතනය වන USAID තවමත් හොඳ තැනක සිටී.

මේ අනුව ශ්‍රි ලංකාවේ වැඩ සටහන් සඳහා USAID වෙතින් වැඩි ආධාර ප්‍රමාණයක් ලබා  ගැනීමටත් සමන්තා පවර් ගේ හොඳ රෙකමදෝරු වැදගත් වනු ඇත.

හතළිස් පස් හැවිරිදි සමන්තා පවර් ඇමරිකානු-අයර්ලන්ත සම්භාවයකින් පැවත එන අතර ඇය ගේ මුල් රැකියාව වුනේ යුගොස්ලාව් යුද්ධය වාර්තා කිරීමයි.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.