Prof Ravindra Fernando:නොම්මර එකේ පත්වීමක්

 

 

ravindraf

 

 

අන්තරාකාරී ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති තනතුරට මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු පත් කිරීමේ පුවත ඔහු ගේ වගතුග මැනවින් දත් හැම දෙනා ගේම පමණක් නොව මතින් තොර රටක් පතන හැදෙන ගේම සතුටට හේතුවන පුවතකි.

කොළඹ විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍යය විද්‍යාව පිළිබඳව මහාචාර්ය වරයා වන අතර විෂ රසායන පිළිබඳව අන්තර් ජාතික කීර්තියක් ඇති විද්වතෙකි.

විශ්ව විශ්වවිද්‍යාලයේ මානව හිමිකම් මධ්‍යස්ථානයේ අධක්ෂක තනතුර ද දෑරූ මහාචාර්ය  ප්‍රනාන්දු එක්ටැමක සිර නොවූ විද්වතෙකි.

ඔහු පානදුර අසුන සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කල නමුත් අත දිග හැර වියදම් කරන්නට තරම් මුදල් නොවුයෙන් ඔහු පරාද විය.

ක්‍රිකට් ක්‍රීඩක සතාසීවම් නඩුව ගැන ලියු පොතක් ශ්‍රීමත් ගර්ෆීල්ඩ් සෝබ්‍ර්ස්ට පිළිගන්වමින්
ක්‍රිකට් ක්‍රීඩක සතාසීවම් නඩුව ගැන ලියු පොතක් ශ්‍රීමත් ගර්ෆීල්ඩ් සෝබ්‍ර්ස්ට පිළිගන්වමින්

 

එහෙත් ඔහ අධ්‍යයන එක්ටැමෙන් බිමට බැස දුවිලි නැගෙන මහ  පොළවේ හැපෙමින් වැඩක් කරන්න තිබු ප්‍රර්ථානයට සමු දුන්නේ නැත.

අන්තරාකාරී ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති තනතුර පිළිබඳව ගැටලුකාරී සහ අප්‍රසන්න තත්වයක් ඇතිවුයේ ආණ්ඩුවේ පත්වීම් ලබාදීම සම්බන්ධයෙන් තිබෙන අපිළිවෙල හේතුවෙනි.දැන් ඒ අපිළිවෙල නොම්මර එකේ පත්වීමකින් පුරවා ඇත.

මත්ද්‍රවය ගැටලුව යනු රාජ්‍ය පරිපාලනයේ නාභිය දක්වා අක්මුල් දිව ගිය පිළිලයකි.

මේ පිළිලය මාධ්‍ය කස්තිරම් ගැසීමෙන් මුලිනුපුටා දැමිය නොහැක.

අනෙක් අතට මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු කොයිතරම් දක්ෂ ,නිහතමානී විද්වතෙක් වුනත් ඔහුට පමණක් කල හැකිදේ සීමිතය.

එහෙයින් මත්ද්‍රවය මැඩලීමේ භාරධුර කාර්ය ඔහු වෙත පැවරු පිරිසේ වගකීම වන්නේ ඔහුට අවශ්‍ය අවකාශය නිර්මානය  කොට දීමයි.

මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු විකිපීඩියා සටහනට

Professor Ravindra Fernando has been appointed as the Chairman of the National Dangerous Drugs Control Board today.
Professor Ravindra Fernando is a Sri Lankan Forensic Pathologist, Toxicologist Physician, author and academic.

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.