Railway:වැඩ වර්ජනය අවසන්

basil jpgවැඩ වර්ජනය අවසන් කර ඇති බව වාර්තාවේ.

අද උදෑසන ආරම්භ කළ මෙම වර්ජනය හේතුවෙන්, කාර්යාල දුම්රිය ගමන්වාර ගණනාවක් අවලංගු කළ බව දුම්රිය පාලක මැදිරිය පැවසීය.

ඊ.පී.සී.එස්. ධාවනාගාරයට අයත් දුම්රිය රියැදුරන් පිරිසක් මෙම වැඩ වර්ජනය ආරම්භ කළ අතර තම රියැදුරෙකුට පහරදීමක් සිදුව ඇති බවට ඔවුන් චෝදනා කර තිබිණ.

මේ සම්බන්ධයෙන් අද පෙරවරුවේ පැවති සාකච්ඡාවේ දී අදාළ රියදුරුට පහරදුන් පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට බලධාරීන් පොරොන්දුවීම හේතුවෙන් වර්ජනය නතර කිරීමට පියවර ගත් බව සමස්ත ලංකා දුම්රිය සේවකයන්ගේ පොදු සේවක සංගමයේ ලේකම් එස්.පී.විතාන මහතා සඳහන් කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.