Rajitha:නිර්දෝෂියි

 CHATURAS

ඇවන්ගාඩ් සිදුවීම් යටපත් කිරීම සඳහා එහි අයිතිකරු වන නිශ්සංක සේනාධිපති ගෙන් මිලියන පහක මුදලක් රාජිත සේනාරත්න ගත බවට පළවෙන පුවත් වල සත්‍යතාවක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න කියා සිටී.

රාජිත සේනාරත්න ගේ පුතා වන චතුර සේනාරත්න කියා සිටින්නේ දැනට විදේශ සංචාරයක නිරත වී සිටින තම පියා දිවයිනට පැමිණි විගස ප්‍රති උත්තර දෙන බවයි.

රාජිත සේනාරත්න ගේ සමීප මිතුරෙක් වන දොස්තර සයුරු සමරසුන්දර වෙත  ඇවන්ගාඩ්  සමාගම  විසින් නිකුත් කරන ලද රුපියල් මිලියන පහක චෙක් පතක් සහ ඒ පිළිබඳව කෙරෙන සංවාදයක් මේ වන විට  මාධ්‍ය වලට නිකුත් වී තිබේ.

ඇවන්ගාඩ්  සමාගම  විසින් තමන්  වෙත අල්ලස් ලබා දීමට උත්සහ කලත් තැන ඒ අල්ලස් ප්‍රතික්ෂේප කල බවයි රාජිත සේනාරත්න මීට පෙර කියා සිටියේ .

මැතිවරණ සමයේදී රාජිත සේනාරත්න  පැවසුවේ තමන්ට මෙතෙක් ස්ථිර නිවහනක් හෝ ගොඩ නගා  ගැනීමට හෝ නොහැකි වූ බවයි.

අනෙක් අතට දැනට ඉදිරිපත් කොට ඇති හඬ පටයේ  නිශ්සංක සේනාධිපති සේ පෙනී සිටින පුද්ගලයා  දිගින් දිගටම කියා සිටින්නේ තමන් වරදක් කොට නැති බවයි .

තමන් නිර්දෝෂී නම් රාජිත සේනාරත්න වත ලබා දීම සඳහා රුපියල් මිලියන පහක්  ලබා දුන්නේ මන්ද යන ප්‍රහ්නය පන නගී.

දැනට  හෙළිවී ඇති තොරතුරු අනුව  අල්ලස් ගැනීමක් මෙන්ම දීමක් පිළිබඳව තොරතුරු සමාජගත වී පවතී.එහෙයින් මේ පිළිබඳව මාධ්‍ය සංදර්ශන පවත්වන්නේ නැතුව සත්‍ය හෙළිදරව් කිරීම බලධාරීන් ගේ වගකීමයි .

ඇවන්ගාඩ්  ගනු දෙනු පිළිබඳව විමර්හන  කෙරෙමින් තිබෙන බව අල්ලස් හා දූෂණ කොමිසමේ කොමසාරිස් ජනරාල් දිල්රුක්ෂි වික්‍රමසිංහ පසුගිය දා කියා සිටියාය.

එසේ නම් මේ පිළිබඳව ඇත්ත නැත්ත ඉක්මනට දන ගත හැකිවේ යැයි හිතමු.

 

[vsw id=”/2BNLKP7Sdgk” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

rajitha-Avant-Garde

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.