Rajitha & Champika: කැබිනට් සාකච්ඡාව උණුසුම්

 

rraji

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා‍ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ කැබිනට් සාකච්ඡාව ඉතා උණුසුම්කාරී එකක් විය. ඇවන් ගාඩ් ආයුධ ගබඩාව සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළුව විධිමත් ආකාරයෙන් කඩිනම්  විමර්ශණය සිදුකර වැරදිකරුවන්ට දඬුවම් දී අවසන් නොකරන්නේ නම්  රජය පෙරළා දමන බව   ජනවාරි 08 වෙනිදා මහින්ද රාජපක්ෂ පන්නා දැමීමට දැඩි උත්සාහයක් දරමින් පෙරමුණ ගත් රාජිත සේනාරත්න හා චම්පික රණවක අමාත්‍යවරු අද(05) පැවති කැබිනට් රැස්වීමේදී පවසා තිබේ.

ඔවුන් පෙන්වා දෙන්නේ හිටපු ආරක්ෂක ඇමති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉතා කිට්ටු හිතෛශියෙකු වූ හිටපු මේජර් වරයෙකු වන නිශ්ශංක සේනාධිපති වෙනුවෙන් අධිකරණයේ පෙනී හිටිමින් අවිගබඩාව සම්බන්ධයෙන් විමර්ශණ කිරීමට තිලක් මාරපන මහතාට අයිතියක් නොමැති බවයි. මෙම කලකෝලහලය අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එතැනින් නික්ම ගොස් තිබූ බව අමාත්‍යවරයෙක් අප හා පැවසුවේය.  මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ කැබිනට් සාකච්ඡාවක් පැවැත්වීමට ජනාධිපතිවරයා එකගතාවය පලකර තිබේ.

 champkaa

නිශ්ශංක සේනාධිපති ආරක්ෂා කිරීමට මිලියන 100 ක් ලබා ගත් බවට එහිදී චෝදනා එල්ල විය. මෙහිදී ‘නිශ්ශංක සේනාධිපතිගේ නීතිඥවරයෙක්  ලෙස  කටයුතු කරමින් තිලක් මාරපන කතාකරන්නේ කෙසේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියේ ය.  දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ අමාත්‍ය මාරපන, මලික් සමරවික්‍රම සහ වජිර අබේවර්ධන එකතුව මෙය සිදුකරන බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමට තිලක් මාරපන සුදුස්සෙකු නොවීය.

මීළඟ දෙය කැබිනට් එක පුපුරා යන්නේ රාජපක්ෂවරුන්  ඩුබායි හි NDB  බැංකුවේ මුදල් තැන්පත් කිරීම මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ අනුදැනුම ඇතිව සිදුවූ බවට ඇති චෝදනාව සම්බන්ධයෙනි. අර්ජුන මහේන්ද්‍රන් ජනවාරි වලට කලින් සේවය කලේ මෙම බැංකුවේය. මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන ඇලෝසියස් විසින් අර්ජුන මහේන්ද්‍රන්ට රාජපක්ෂවරුන් හදුන්වා දී තිබේ.  මෙම විමර්ශණයේ මාධ්‍ය අඬහැරය මිස සිදුවූ කිසිවක් නැත.

Rajitha and Champika qustion Thilak Marapanas stand on aven guard issue.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.