Security adviser slippered -සෙරෙප්පු පාරක්

 

 

 

Slipper Thrown at Former National Security Adviser MK Narayanan in Chennai

 

 

ශ්‍රී ලංකාවේ පසුගිය යුද සමයේ  ඉන්දියාවේ ආරක්ෂක උපදේශක වරයා ට දෙමළ යුද අනාථයෙක් තමිල්නාඩු අගනුවර ප්‍රසිද්ධ සභාවකදී සෙරෙප්පුවෙන් ගසා තිබේ.

හිටපු ඉන්දීය ආරක්ෂක උපදේශක එම් කේ නාරායනන් සෙරෙප්පු ප්‍රහාරයකට ගොදුරු වුයේ දේශපාලනය සහ පොදු ප්‍රතිපත්ති සඳහා වන ආයතනය විසින් 4 බදාදා පවත්වන ලද ‘ඉන්දීය වාසී ශ්‍රී ලාංකික දෙමළ අනාථයන්ගේ අනාගතය’ නම් සමුළුවක් හමාරයේය.

නාරායනන් හිටපු උපදේශක වරයා වේදිකාවෙන් බැස යත්ම පෙරට ආ තරුණයකු දමා ගැසූ සෙරෙප්පුව හිසේ වැදී තිබේ.

ඉන් අනතුරුව තරුණයා කෑගසා කියා ඇත්තේ 2009 යුද්ධයේදී නාරායනන් ශ්‍රී ලංකාවේ රජයට ආධාර කළ බවයි.

 

තරුණයා අත් අඩංගුවට ගත් රායපෙටා පොලිසිය මාධ්‍යවේදීන්ට පවසා ඇත්තේ යුද අනාථයකු ලෙසින් 1970 දී ඉන්දියාවට පැමිණි ඔහුගේ නම ප්‍රභාකරන් බවයි.

ඉන්දියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස්  වී ක්‍රිෂ්ණමුර්ති ද කථිකයකු වශයෙන් සහභාගී වූ  සමුළුව පැවති සංගීත විද්වත් සභාව ඉදිරිපිට දැඩි පොලිස් මුරකාවල් යොදා තිබුනේ මැයි 17 ව්‍යාපාරය විරෝධතාවක් දියත් කරන බව දැනුම් දී තිබීම නිසාය.

Chennai Prabhakaran

සමුළුවේ කථිකයකු වූ හින්දු පුවත්පතේ අධ්‍යක්ෂ එන් රාම් සහ එම් කේ නාරායනන් ශ්‍රී ලංකාවේ දෙමළ වර්ග සංහාරය සඳහා ඉන්දීය රජයට උපකාර කළ බවට චෝදනා කරමින්, ඔවුන්ගේ රූප ගිනි තබමින් විරෝධතාවයේ යෙදුනු මැයි 17 ව්‍යාපාරයේ පනස් දෙනකුද අත් අඩංගුවට ගන්නා ලද බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

 

 

 

 

 

 

 

[vsw id=”/KMr2DnsOg1E” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

මේ අතර වාරේ ආරක්ෂක උපද්ශක නාරායනන් සිදුවීම පිළිබඳව තැකීමක් නොකොට සිනාමුසුව පසුවූ බව මාධ්‍ය වාර්තා කොට සිටී.

A suspected member of pro-Tamil group, May 17, today threw a slipper at former National Security Adviser MK Narayanan during a programme in Chennai.

Mr Narayanan was attacked when he was leaving after his speech at an event organised by The Hindu Centre for Politics and Public Policy.

The former bureaucrat and ex-governor of West Bengal was attacked after he spoke on “The Future of Sri Lankan Tamil Refugees in India”.

May 17, a pro-Tamil group, had already planned to protest near the venue.

Police have detained the attacker, Prabhakaran, believed to be from Tamil Nadu’s Pudukottai district.

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.