Sajith in white- සුදු ඇඳගෙන වැඩ

unnamed (3)මේ දිනවල සජිත් ප්‍රේමදාස ඇමතිවරයා එක දිගට මුල් ගල් තබමින් සිටී. නිවාස විසි පහකින් සමන්විත උදා ගම් තිස් අටක් දෙසම්බර් තිස් එක වෙනිදාට පෙර තනා නිම කරන බවයි සජිත් කියා සිටින්නේ කියූ පරිදි සිදුවුනහොත් සැබවින්ම වාර්තාවකි.

තිස්සමහරාමයේ කිරින්දේ සොබා සිත් ගම මුල් ගල තැබීමට කිරි කොක් සුදෙන් සැරසුණු සජිත් ප්‍රේමදාසට මඩ නාගන්නේ  නැතුව ගොඩ ඒම සඳහා සෑහෙන වෙහෙසක් දැරීමට සිදුවිය.

පසුගියදා පාර්ලිමේන්තුවේදී නවක මන්ත්‍රීවරුන්ට ගිනි අවි ලබා දීම ගැන සජිත් නැගු ප්‍රශ්නය යළිත් කොක්කක් දමා ගැනීමට යන බව කියන පෙර නිමිත්තක්ද?

පාර්ලිමේන්තුවට පත්වුනු නවක මන්ත්‍රීවරුන්ට ගිනි අවි පුහුණුවක් ලබා දෙනවා. හැබැයි මට තියෙනවා ඔක පිළිබඳ ගැටලුවක්. දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට පොලීසියෙන් ලැබෙනවා ආරක්ෂක නිලධාරීන්. තමන්ගේ මන්ත්‍රීකම නිසා පොලිස් ආරක්ෂාවත් ලැබෙනවානම් මොනවටද පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන්ට ගිනිඅවි ලබා දෙන්නේ. මම දකිනවා මේක වැරදි පූර්වාදර්ශයක් විදියට ළඟදීම මේ හැම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අතේ තියෙන ගිනි අවිය ආපහු රජයට බාරදෙන තැනට ගෙනඑන්නට මම ඒ යොජනාව ගෙන එනවා ගෙන එනවා මයි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.