Sobitha Thero:ආදාහනය බ්‍රහස්පතින්දා

 

sooobbiuකෝට්ටේ නාග විහාරාධිපතිව  වැඩ විසු  අපවත් වි වදාළ මාදුළුවාවේ  සෝභිත නාහිමියන්ගේ  දේහය පිළිබඳ ආදාහන පුජෝත්සවය ලබන බ්‍රහස්පතින්දා (12) ශ්‍රී  ජයවර්ධනපුර  කෝට්ටේ  අගනුවර   පාර්ලිමේන්තු ක්‍රිඩාපිටියේ දී පස්වරු 3 ට  ඇරඹීමට නියමිතය.

බ්‍රහස්පතින්දා ජාතික ශෝක දිනයක්  ලෙස ප්‍රකාශයට  පත් කිරිමට  රජය තීරණය කර ඇත. ආදාහන පුජෝත්සවය පුර්ණ රාජ්‍ය  ගෞරව සහිතව සිදු කිරිමට නියමිතය.

අද (08) පෙරවරුවේ  නාග විහාරස්ථායේදී  කෝට්ටේ   ශ්‍රි  කල්‍යාණි සාම ශ්‍රී  ධර්ම මහා  සංඝ සභාවේ  මහානායක ඉත්තෑපානේ ධම්මාලංකාර  මාහිමියන්ගේ ප්‍රධානත්වයෙන්  හා අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතාගේ  සහභාගිත්වයෙන්  පැවැති විශේෂ සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගැනිණි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.