Sobitha Thero:රටක් වටින හාමුදුරුවන්ට සැනසිල්ලේ යන්න දෙන්න

සෝබිත හිමියන් පිළිබඳව දැන් ඇත්තේ ආදරණීය මතකය පමණි

ඒ  මතකය හදවතේ නිදන් කරගෙන ජීවත් වනන්නට අප බොහෝ දෙනා කැමැත්තෙමු.

එහෙත් ඊට ඇති බධා බොහෝය.

තහනම්  නියෝගයක්

අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ හිටපු ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය වතුරුවිල සිරි සුජාත හිමියනට බ්‍රහස්පතින්දා නාග විහාරයට ඇතුළු වීම තහනම් කරන නියෝගයක් නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් නිකුත් කොට ඇත.

සිරිසුජාත හිමියන්ගේ ශිෂ්‍ය භාවය 2011 ජූලි මාසයේදී සෝභිත හිමියන් ජීවත්ව සිටියදී අහෝසි කරන ලදැයිද ඒ හිමියන්ගේ අපවත්වීමෙන් පසු සුජාත හිමියන් පන්සලට පැමිණ කලබල කරන්නට ඉඩ ඇතැයිද පොලිසිය අධිකරණයට දැන්වීය.

ආදාහනය සිදුකරන පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයටද සුජාත හිමියනට ඇතුළුවීමට ඉඩ නොදෙන්නැයි පොලිසිය ඉල්ලා සිටියේය. එවැනි නියෝගයක් ගත යුත්තේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් බව මහේස්ත්‍රාත්වරයා පොලිසියට උපදෙස් දුන්නේය.

 

 

අපවත් වීම ගැන සැකයක්

තවත් තැනක අපවත් වීම ගැන සැකයක් මතු කෙරේ-මේ සෝබිත න හිමියන්ගේ දායකයෙක් පවසන බව කියන කථාවකි

ඔහු පවසා ඇත්තේ සැප්තැම්බර් 25 වෙනිදා හදවත් සැත්කමකට ලක් වූ කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ සැත්කම සාර්ථක වී අවසන් වු බවට වෛද්‍යවරුන් සහතික කල අතර ඊට පසුව සාමාන්‍ය රෝගී සත්කාර යටතේ සිටින උන්වහන්සේ දිගින් දිගටම රටේ සිදුවන දේවල් සම්බන්ධයෙන් තොරතුරු විමසමින් සිටි බවත් යහපාලනය රජය ගෙන යන වැඩ පිළිවෙල සම්බන්ධයෙන් නිරන්තරයෙන් කම්පාවට පත්වු බවයි.

තමන්ගේ සැකය තීව්‍ර කිරිමට ප්‍රභලම හේතුව වන්නේ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක මහතා විසින් සෝභිත හිමියන් සිංගප්පූරුවේ මවුන්ට් එළිසෙබෙත් රෝහලේ ප්‍රථිකාර ගනිමින් සිටියදි උන්වහන්සෙ කෝමා තත්ත්වයකය පසුවන අවස්ථාවේ සියලුම මාධ්‍ය ආයතන අමතා සෝභිත හිමියන් අපවත්ව ඇති බව පැවසිම නිසා බවද ඔහු අනාවරණය කර තිබේ.

ආණ්‌ඩුවේ කැබිනට්‌ මණ්‌ඩලය ඇමැතිවරුන් 30 කට සීමා කිරිමට කටයුතු නොකිරිම.තමන් විසින් කරන බලපෑම් යහපාලන ආණ්‌ඩුව ගණන් ගන්නා බවක්‌ පෙනෙන්නට නැති බවද,පරාජය වුනු හා දුෂිතයන්ට යලි තනතුරු දැරිමට ජනපති හා අගමැති ඉඩ දිම පිළිබඳව උන්වහන්සේ නිරන්තර කනස්සල්ලෙන් පසුවු බවද ඔහු සදහන් කර තිබේ.

මම අගමැතිතුමාගෙන් ඇයි මෙහෙම යහපාලනයට වෙන්නේ කියා විමසු විට “තමන්ට කරන්න දෙයක් නෑ ජනාධිපතිවරයා තමන් කියන දෙවල නොව වෙනත් දෙවල් කරනා ඒ නිසා මට කරන්න දෙයක් නෑ ” යනුවෙන් පැවසු බවද සෝභිත හිමියන් තමන්ට රෝහලේදී පැවසු බව හිමියන් ලගින්ම සිටි උන්වහන්සේගේ ප්‍රධාන දායකයා අනාවරණය කර තිබේ.

 

චාම් අවමගුල් උළෙල

සෝබිත හිමියන් ඉල්ලා සිටි චාම් අන්බනමගුල වෙනුවට දැන් ගර ගාම්භීර අවමගුලකි.ඒ පිළිබඳව කෙස් පැලෙන තර්ක ගොන්නකි.

 

මේ විවාදය හට ගන්නේ සෝබිත හාමුදුරුවන් තම අවසන් කටයුතු ගැන කියන වීඩියෝව පළවීමෙන් අනතුරුවය.

ඔහුට අනුව පෙරක දෝරුවෙක් ළඟ ලියු අවසන් කැමති පත්‍රයක් නැති නිසා ඕනෑම දෙයක් කල හැකිය.

 

තමන් රෝගාතුරව සිටින බව දැන දැනත් අවමඟුල් උළෙල පිළිබඳව අවසන් කැමැත්තක් ලියා තැබිය යුතු යැයි එහිමියන් අදහස් කළේ නම් එවැන්නක් කරන්නට අවස්ථාව එහිමියන්ට ඕනෑ තරම් තිබුණි. එමෙන්ම එවැනි තීරණයක් එහිමියන් තමා විසින් නායකත්වය දුන් සමාජ සාධාරණත්වය සඳහා ව්‍යාපාරයේ අනුදැනුමින් තොරව කරනු ඇතැයි සිතීම ද දුෂ්කර ය. 

එබැවින් එකී විඩියෝ සම්මුඛ සාකච්ජාවේ දී දක්වන ලද අදහස් අනුව එහිමියන් නිකම්ම නිකම් ආගමික වතාවත් පවත්වා ආදාහනය හෝ මිහිදන් හෝ කළ යුතු යැයි කීම ශ්‍රී ලංකාව අද මුහුණ දී සිටින දේශපාලන මොහොත අමතක කිරීමකි. 

එහිමින්ගේ අපවත්වීම දේශපාලන කාරණයකි. නමුත් එය පක්ෂ දේශපාලනයට ප්‍රයෝජනයට නොගත යුතුය. පාසැල් දරුවන් බලයෙන් ගෙන්වා එහිමියන් අපහාසයට පත් නොකළ යුතු ය. හෙට පැවැත්වෙන අවමඟුල් උළෙලෙහි දී පක්ෂ දේශපාලනය පසෙක තබා එහිමියන් පෙනී සිටි උතුම් මානවහිතවාදී දේශපාලන අරමුණු යළි මතු කර ගැනීම අද අප කළ යුතු දෙයයි.

එමෙන්ම එහිමියන්ගේ අවමඟුල මෙරට භීෂණයෙන් සහ දූෂණයෙන් විනාශ කළ රාජපක්ෂවාදී දේශපාලනය එරෙහි ජන බලයේ දැවැන්ත ප්‍රකාශණයක් වනු නිසැකය.  එවැනි අවස්ථාව සෑම විටම එළඹෙන්නේ නැත. එහිමියන්ගේ නමින් අප කළ යුත්තේ වීඩියෝවක් පසු පස දිවීම නොව දේශපාලනය ප්‍රජාතන්ත්‍රවාදී කිරීමේ තීරනාත්මක මොහොතක් බවට එය පත් කිරීමයි. 

මේ සියළු විවාද ඇති කරන්නේ වෙහෙසයි.

 

“හාමුදුරු කෙනෙක් අපවත් වුණාම, වැලි කොමිටිය, පොලී කොමිටිය, සැරසිලි කොමිටිය, දාන කොමිටිය, කියලා ලක්ෂ ගාණක් හාමුදුරු කෙනෙක් වෙනුවෙන් වියදම් කරනවා. මට ඒකෙන් ඇති වැඩක් නෑ. මම හරිම ප්‍රියකරන නායක හාමුදුරු කෙනෙක් තමයි රේණුකාලේ නායක හාමුදුරුවෝ. රේණුකානේ හාමුදුරුවන්ගේ ආදාහනයෙන් ඒ හාමුදුරුවන්ට අඩුවක් වුණාද? නායක හාමුදුරුවේ කිව්වේ මම කුණුගොඩක් මැරුණ ගමන් වහාම ඉවත්කරන්න කියලා. මේ මන් නිදාගත්ත ලෑල්ල උඩ තියාගෙන ගිහින් සොහොන උඩින් තියන්න එච්චරයි. මගේ ආදාහනය. ඒවගේ කරන්න ඕන. සතයක්වත් තේරුමක් නැතිව නාස්ති කරන්න හොඳ නෑ. මම උත්සවවලට විරුද්ධයි”-සෝභිත හිමි

 

 

මේ හඬට සවන් දීමට පරක්කු වැඩිය එහෙයින් හැකි තරම් සාමකාමිව අවසන් කටයුතු හමාර කරමු.

යහපාලනය යනු තොරමම්බල් කල හැක හම දේම අලෙවි කිරීම නොවේ.

 

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.