Sobitha Thero:විධායක ජනාධිපතිකම අහෝසියි කරමි

Web_20151112unnamed (1)මාදුළුවාවේ සෝභිත නාහිමියන් බලාපොරොත්තුවූ යහපාලනය සාධාරණ සමාජය ඇති කිරීම හා උන්වහන්සේගේ අරමුණවූ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ දැඩි අධිෂ්ඨානය වෙනුවෙන් කටයුතු කළ බව පැවසූ මෛත්‍රිපාල සිරිසේන ජනපති උන්වහන්සේගේ ගෞරවනීය උතුම් දේහය ඉදිරියේ  සපථ කරමින් පැවසූයේ උන්වහන්සේ බලාපොරොත්තුවූ ආකාරයට විධායක ජනපති ක්‍රමය අහෝසි කර මේ රටේ යහපාලනයක් ඇති කරන බවයි.

සෝභිත හිමියන්ගේ ආදාහන පූජෝත්සවයේදී උත්සව සභාව අමතමින් ජනපති මෙසේද පැවසීය.

‘අපවත්වී වදාළ ගෞරවනීය මාදුළුවාවේ සෝභිත හිමි පිළිබඳව ඔබ අප මේ ස්ථානයේ සිටින පිරිස් පමණක් නොව මුළු මහත් ලක්වැසි ජනතාවම අද දැඩි ශෝකයට පත්වන අවස්ථාවක්. ඒ හිමියන් අපි බලාපොරොත්තු නොවූ අවස්ථාවක අප අතරින් වියෝ වුණා. උන්වහන්සේගේ ශාසනික සේවාවත් සමාජ සේවාවත් උන්වහන්සේ දේශපාලන පක්ෂයකින් තොරව සිදුකළ යහපත් චේනතාවන් මුල්කරගෙන පසුගිය දශක කිහිපයේ කටයුතු කළා. යුද්ධයෙන් හිරිහැරයට පත්වුණු සියලු ජනකොටස් වෙනුවෙන් මහා මෙහෙවරක් ඉටු කළා. ඒ යුග මෙහෙවරෙහි ක්‍රමික වූ අවස්ථාවක් පසුගිය ජනවාරි 8 වැනිදාට පෙර යහපාලනයක් ගොඩනගන්න කටයුතු කළා. මා අද ජනාධිපති ධූරයේ සිටින්නේ ඒ යහපාලනයේ නිර්මාතෘවරයාණන් වන්නේ උන්වහන්සේ.

මේ රටේ සමාජය තුළ අනිකුත් භික්ෂූන් වහන්සේලාට වඩා වෙනත් ගමනක් තිබුණා. ඒ ශාසනික සේවාවෙන් බැහැරවූ ඉතා නිවැරදි දේ උන්වහන්සේ ඉටු කළා. ‘

President Maithripala Sirisena today vowed before the mortal remains of Ven. Maduluwawe Sobitha Thera that he would do everything possible under his command to abolish the Executive Presidency and introduce electoral reforms which the late prelate fought for.

 

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.