Sobitha Thero:සසලවු දනන් ශෝක වෙති

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

පසුගිය දශක කිහිපයක සිට මගේ දේශපාලන ජීවිතයට උන්වහන්සේගෙන් ලැබුණු අවවාද අනුශාසනා රටේ යහපත වෙනුවෙන් පෙනී සිටිම සඳහා මා වෙත ශක්තියක් ලබාදුන් අතර උන්වහන්සේ පැතු සමාජ සාධාරණත්වය ඉදිරියටද පවත්වාගෙන යාමට එය පහන් ටැඹක් සේ අප වෙත මගපෙන්වනු ඇතැයි දැඩි ලෙස විශ්වාස කරමි.

 

 

 

 

මාදුළුවාවේ සෝභිත නාහිමියන් ඇසුරු කිරීමටත්, රටේ පොදු කටයුතු වල දී හවුල්ව කටයුතු කිරීමටත් ලැබීම තමා ලද භාග්‍යයක් බව මැල්කම් රංජිත් අගරදගුරුතුමෝ කියා සිටිති.

‘ශ්‍රී ලංකා දේශයේ පොදු ජන ජීවිතයට බලපාන විවිධ ප්‍රශ්න ඉදිරියේ නිහඬව නොසිට තමන් අදහන බුදු දහමේ ඉගැන්වීම්වලට අනුකූලව එඩිතර නායකත්වයකින් කටයුතු කළ අපගේ නාහිමියන් අප දේශයට මහඟු අශිර්වාදයක්ම වූ බව පැහැදිලිය.

එවැනි අවස්ථාවල දී අන්තර් ආගමික සංහිඳියාව තුළ අප සමඟ ද හවුල් වෙමින් ඒ කළ මහඟු සේව අපි අගය කරමු. සික්ෂාකාමී සංඝ පීතෘන් වහන්සේ නමක් ලෙස උන්වහන්සේගේ ආදර්ශමත් ජීවිතය ද අපට ශක්තියක්ම විය. එබැවින් සෝභිත නාහිමිපාණන්ගේ අභාවය ගැන දුක්වන අපි, උන්වහන්සේ කවදත් පැතූ අමා මහ නිවන් සුවය උන්වහන්සේට ලැබේවායි ඉත සිතින් පතා සිටිමු.‘‘

 

සෝභිත  හිමියන් ධෛර්යවන්තව ශ්‍රී ලංකාවේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියා. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කළා. ඒකාධිපතිත්වය පරාජය කරීමට සටන් කළා. ස්වාධීන පුද්ගලයකු ලෙස සටන් කිරීමට ඒ හිමියනට තිබූ හැකියාව යහපාලනයට අත්‍යවශ්‍ය සාධයකයක් වුණා.

රට අනතුරට පත්වූ අවස්ථාවල දී උන්වහන්සේ ජනතාව වෙනුවෙන් පෙනී සිටියා. සියලු පාර්ශ්වයන් වෙනුවෙන් ඒ හිමියන්ගේ තිබූ කැපවීම විශිෂ්ටයි. උන්වහන්සේගේ අභාවය රටට සිදුවූ ඉමහත් පාඩුවක්. අප සියලු දෙනා එකතු වී ඒ හිමියන් වෙනුවෙන් ශෝකය පළ කළ යුතුයි.-විපක්ෂනායක ආර් සම්පන්තන් 

ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති අතුල් කෙෂාප්

සියලූ ආගම් අදහන ජනතාවට ගෞරව කිරීමට අනුබල ලබාදීමටත් , සියලූම ලාංකිකයින්ගේ ජීවිත දියුණු කිරීමටත් ගත් ප්‍රයත්න නිසා මාදුළුවාවේ සෝභිත හිමියෝ ගෞරවයට පාත්‍ර වූහ.

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පෝෂණය කර ආරක්ෂා කිරීමටත් කැපවූ උන්වහන්සේ අපවත් වීම පිළිබඳව  ශ්‍රී ලාංකික ජනතාවට සහ ශ්‍රී ලංකා රජයට ඇමෙරිකා එත්සත් ජනපදය වෙනුවෙන් මගේ  ශෝකය.

 

සමන් රත්නප්‍රිය 

සෝභිත නාහිමියන් විසින් පැතූ සමාජ අපේක්ෂාව හා දේශපාලන වෙනස්කම් ඉතා ඉක්මනින් ඇති කිරීම ජනපති, අගමැති ප්‍රමුඛ ආණ්ඩුවේ වගකීමක්.

 

 

 අචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

 

භික්ෂුන් වහන්සේලා පිලිබදව නව ප්‍රතිරූපයක් ගොඩ නැගුවා.

ජේ සී වැලිඅමුණ 

ජාති  භේද කුල භේද නැති රටක් ගොඩනැගීමට ගත උත්සාහය පෙරට ගෙනය යුතුය.

 

 

[vsw id=”/Rvu-BgfHVSg” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

Sobitha thero praised from all corners.

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.