Sobitha Thero: නික්ම යති ඒ උදාර සඟ රුවන

 

d0d801f77cf0e120151112aac62ff5cf783be3109

 

 

මාදුළුවාවේ සෝභිත හිමියන් ජීවිත කාලය පුරාම වාගේ වැඩ සිටි කෝට්ටේ නාගවිහාරයෙන් සදහටම සමුගැනීමට දේහය බහාළු මංජුසාව වසද්දී මුළු විහාරයම ශෝකයෙන් ඇලලී ගියේය.

මහා සංඝරත්නය මංජුසාව වසද්දීත් මංජුසාව රැගත් දෙන විහාරගෙයින් එළියට ගනිද්දීත් මහා සංඝරත්නයද, මහජනයාද  හැඬූ බව දැකගත හැකිවිය.

වැහිබර කාලගුණයද ශෝකය දෙගුණ තෙගුණ කළේය. ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා කරමතින් දේහය දෙනෙහි තැන්පත් කරද්දී වැස්සක්ද පතිත විය.

අද පෙරවරුවේ සෝභිත හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාද කෝට්ටේ නාග විහාරයට ගියේය. වැඩබලන පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාද එහි ගොස් සිටියේය.

දේහය පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය කරා රැගෙන එද්දී සිරිකොත එජාප පක්ෂ මූලස්ථානය අසලදී රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස නාහිමියන්ට අවසන් බුහුමන් දැක්වූහ.

දේහය රැගෙන එන මග දෙපස කහපැහැ ධජවලින් සරසා ඇති අතර මාර්ගය දිගට පාලම් කොඩි හා ශෝක පණිවිඩ සහිත බැනර් ආදියෙන් සරසා ඇති ආකාරය දැකිය හැකිය

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.