Sobitha Thero: ශ්‍රී දේහය ගුවන් තොටුපලේ

ssoobi

මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ශ්‍රී දේහය මෙරටට ගෙන ඒම සඳහා මේ වනවිට බාර දී තිබේ.

මහා සංඝ රත්නය  සහ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් පැමිණි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා දේහය බාර ගනු ලැබූ බවයි තානාපති කාර්යාල ආරංචි මාර්ග  කියා සිටී.
දේහය මේ වනවිට සිංගප්පූරුවේ ගුවන්තොටුපොළට රැගෙන විත් ඇත.

 

madukusobitha1

විශිෂ්ට දායකත්වයක්

 අපවත් වනවිට 73 හැවිරිදි වියේ පසු වු උන්වහන්සේ මෙරට වියත්, ධර්මධර නායක හිමිනමක් මෙන්ම සමාජ ක්‍රියාකාරී කටයුතු සඳහා විශිෂ්ට දායකත්වයක් දැක්වූ යථිවරයෙකි.

එමෙන්ම මෙරට හා අන්තර් ජාතික වශයෙන් විශිෂ්ඨ ශාසනික මෙහෙවරක නිරතවූ උන්වහන්සේ ජාතීන් අතර සහජීවනය ගොඩනැගීම සඳහා ක්‍රියාකාරී වැඩපිළිවෙළ රැසකට නායකත්වය ලබාදුන්හ.

පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් අපවත්වීම ජාතියට පිරිමැසිය නොහැකි පාඩුවක් බව කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපුජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නාහිමියන් පැවසූහ.

ජාතික ප්‍රශ්න 

ජාතික ප්‍රශ්නවලදී අභීතව නැගී සිටි වියත් භික්ෂුන්වහන්සේ නමක් ලෙස පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් හැඳින්විය හැකි බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසති.

1942 වසරේ මැයි මස 29 වන දා හෝමාගම, පාදුක්ක මාදුළුවාව ගම්පියසේදී දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ එකම පිරිමි දරුවා ලෙස උපන් 1955 මැයි මස 09 වන දා කෝට්ටේ ශ්‍රී නාග විහාරයේදී මාදුළුවාවේ සෝභිත හිමියන් පැවිදි බිමට එළැඹිණ.

1962 වසරේදී උපසම්පදාව ලද උන්වහන්සේ විද්‍යාලංකාර හා විද්ද්‍යෝදය පිරිවෙන් වලින් උසස් අධ්‍යාපනය ලැබු අතර 1964 වර්ෂයේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය හිමිකර ගත්හ.

1954 වසරේ සිට කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ වැඩවාසය කළ උන්වහන්සේ දීපව්‍යාප්තව විශිෂ්ට ශාසනික මෙහෙවරක නිරත වූ අතර විවිධ සමාජ ගැටලු විසඳීම සඳහා අප්‍රතිහත ධෛර්යෙන් යුතුව කටයුතු කළහ.

Sobith thero’s remains at Singapoore air port.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.