Sri Lankan:කන්තාවන් නම දෙනෙකුට ලෙබනනයේ සහ සෞදියේ මරණ දඬුවම

20150fdfggg1g024

– ඇමැතිනී තලතා අතුකෝරල

ලෙබනනයේ සහ සෞදියේ සේවයට ගොස්‌ සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් නවදෙනකු (9 ක්‌) වරදකරුවන් වී මරණ දණ්‌ඩනයට ලක්‌ව සිටින බව විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

සෞදියේ වරදකරු වී සිටින ශ්‍රී ලාංකික කාන්තාවට ගල්ගසා මරා දැමීමට එරට අධිකරණය තීන්දු කර ඇතැයි ද ඇමැතිවරිය කියා සිටී.

රුපියල් තිස්‌දහසක්‌ වැනි මාසික වැටුපකට විදේශ රැකියාවලට කාන්තාවන් යෑවීම නිසා විදේශීය රැකියා භාර ඇමැතිනිය ලෙස තමා උදේට නැගිටින්නේ කඳුළු සලමින් බවත් ශ්‍රී ලාංකික කාන්තාවන්ට අත්වී තිබෙන මෙම අභාග්‍ය සම්පන්න තත්ත්වය නිසා මාර්තු 08 වැනිදා කාන්තා දින සැමරුම් පිළිබඳව පවා කනගාටුවක්‌ ඇති වන බවත් අමාත්‍යවරිය කියා සිටින්නීය.

අපි විපක්‍ෂයේ සිටින විට ඇතැමුන් රටට වැඩිම විදේශ විනිමය ගෙන එන්නේ විදෙස්‌ගත කාන්තාවන් යෑයි කියමින් කාන්තා දිනය අභිමානයෙන් සැමරුව ද මැදපෙරදිග රටවලට කාන්තාවන් යෑවීමේ හා එහිදී ඔවුනට අත්වන ඉරණමට නිසි විසඳුම් දෙනතුරු සිතට සැනසිල්ලක්‌ නොමැති බව ද අමාත්‍යවරිය කියා සිටී.

විදේශ රැකියා සඳහා මැදපෙරදිගට යන කාන්තාවන්ට අයවැය මගින් අවම වැටුපක්‌ තීරණය කරන ලෙස තමා මුදල් ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් විදේශගතවන ශ්‍රමිකයන්ගේ ප්‍රශ්න එක රැයකින් විසඳිය නොහැකි වුවත් ඒ වෙනුවෙන් කළ හැකි ඉහළම මෙහෙවර කිරීමට තමා පසුබට නොවන බවත් ඇමැතිවරිය තවදුරටත් පැවසුවාය.-ශිරාන් රණසිංහ
Nine women face death sentence in Lebanon and Saudi Arabia

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.