Stolen assets :ඩුබායිහි සැඟවූ වත්කම් වාෂ්පවේද?

 

Branch+view+from+outside1.jpg-1-

Dubai Mashreq Bank-මුදල් තැන්පත් කොට ඇති බැංකුව

 

 

රාජපක්ෂ  පවුල සතුව ඩුබාහි  බැංකුවක් සතුව තිබෙන බව කියන දැවැන්ත වත්කම් ශ්‍රී ලංකාව සතු කර ගැනීමට ඉඩක් ලැබේද යන්න පිළිබඳව දැන් නැගෙන්නේ ප්‍රශ්නාර්ථයකි.

පසුගියදා  ආර්ථික අපරාධ පිළබඳ  විමර්ශන ඒකකයේ ප්‍රධානි දිල්රුක්ෂි වික්‍රමසිංහ,නියෝජ්‍ය පොලිස්පති රවී විද්‍යාලංකාර, සහ නීති පති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් යාන්ත කෝදාගොඩ පැවැත්වූ කතාබහ අතීරණයෙන් හමාර වී ඇත.

මේ පිරිසට  ඩුබායි බැංකු බලධාරීන් පවසා  ඇත්තේ මේ මුදල්  අයථා ලෙසින් උපයාගත් බවට කිසිදු සාක්ෂියක් මේ තාක් තමන්ට ලැබී  නැති බවයි.

මේ මුදල් අයථා ලෙසින් උපයා ගත බව චෝදනා කෙරෙන තරුණ දේශපාලනඥයාට එරෙහිව  විමර්ශන කෙසේ වෙතත් ප්‍රශ්න කිරීමක්වත් මේ තාක් සිදුවී නැති බව ඩුබායි බලධාරීන්විසින් පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකාවේ හොරු අල්ලන ප්‍රධාන පෙළේ බලධාරීන් හට මේ බව පිටරටකදී අසා ගන්නට ලැබීම විමර්ශකයින් ගේ දුර දිග පෙනෙන නුවන පිලිබඳ කදිම ඉඟියකි.

 

මේ ගිණුම්වල මුලදී ඩොලර් මිලියනයක් පමණ තිබු අතර දැනට එය මිලියන පන්සීයක් දක්වා පමණ අඩුවී තිබේ.

ඉතිරි ටිකත් වාෂ්ප වී යාමට පෙර මේ පිළිබඳව දේශීය වශයෙන් අවශ්‍ය විම්ර්ශන පවත්වා අවශ්‍ය පියවර ගැනීමේ කඩිනම් අවශ්‍යතාව මතුවී තිබේ.

New four-member team appointed to track down secret account at Dubai Mashreq Bank;

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.