Suicide -දරුවාට වස පොවා මව මිය යයි

දරුවාට වස පොවා මවත් බොයි - මව මරුට - දරුවා දැඩි සත්කාරයේ

 

 

 

බලංගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක් ආසන්නයේදී තම දරුවාට වස පෙවූ මවක්,  ඇයද වස පානය කර  සියදිවි හානිකරගෙන ඇතැයි වාර්තා වනවා

අද පෙරවරුවේ 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් මත  වහාම ක්‍රියාත්මක වු බලංගොඩ පොලීසිය අදාළ කාන්තාව සහ දරුවා බලංගොඩ රෝහලට ඇතුළත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අදාළ කාන්තාව මියගොස් ඇති අතර වයස අවුරුදු 6ක් වන ගැහැණු දරුවා මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

මියගොස් ඇත්තේ 30 හැවිරිදි කාන්තාවකි.

ඇය ලිපියක් ද ලියා තබා මෙලෙස සියදිවි නසාගෙන ඇතැයි පොලීසිය කියයි.

බලංගොඩ පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

mother comits  suicide after giving poison to child

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.