Tamil prisioners:මාරාන්තික උපවාසයට සියල්ල සුදානම්

Relatives+from+Matale

දේශපාලන සිරකරුවන් නිදහස් කිරිමට පියවර ගැනීමට ජනාධිපතිවරයාට දිනක කාලයක් දෙමින් දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනිමේ ජාතික ව්‍යාපාරය විසින් සන්දේශයක්  ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දෙන ලදි.

10 අගහරුවාදා භාර දෙන ලද සන්දේශයෙන් එම මානව හිමිකම් සංවිධානය දැනුම් දී සිටින්නේ ජනාධිපති විධායක බලය භාවිතා කරමින් නොවැම්බර් 11  බදාදා දින මධ්‍යම රාත්‍රියට පෙර දේශපාලන සිරකරුවන්ගේ නිදහස පිළිබද ව සුබවාදි ප්‍රතිචාරයක් ප්‍රකාශයට පත් නොකළොත්  උතුරු-නැගෙනහිර හා කදුරට ජනතාව සමග එක්ව සිරකරුවන් නිදහස් කරගැනීමේ මහජන උද්ඝෝෂණ ක්‍රියාවලියක් දක්වා දේශපාලන සිරකරුවන්ට සාධාරණත්වය ඉටු කරවා ගැනීමේ අරගලය ව්‍යාප්ත කිරීමට සිදු වන බවයි.

මෙරට තුළ  ‘දේශපාලන සිරකරුවන්’ සිටින බව, දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය එම සන්දේශය මගින් අවධාරණය කර ඇති අතර එම සිරකරුවන් ඔක්තෝබර් මස 12 වැනි දින සිය නිදහස වෙනුවෙන් ආහාර වර්ජනය කොට ආරම්භ කළ උපවාසය  සතියක් පුරා පවත්වා ගෙන ගොස් අත් හැරියේ ජනාධිපතිවරයා  විසින් නොවැම්බර් 07 දිනට පෙර යහපත් ප්‍රතිචාරයක් දක්වන බවට විපක්ෂ නායක විසින් දුන් පොරොන්දුව විශ්වාස කරමින් බවයි.
කෙසේ නමුත් එයට රජය යහපත් ප්‍රතිචාරයක් දක්වන බවට කිසිදු ලකුණක් දක්නට නොවූ හෙයින් නැවත වතාවක් පසුගිය ඉරු දින(නොවැම්බර් 08) ‘මාරාන්තික උපවාසයක’ මට්ටමින්, නැවතත් වතාවක් ආහාර වර්ජනය කිරීමේ උපවාසයකට සම්බන්ධ වීමට එම දේශපාලන සිරකරුවන්ට සිදු වී ඇති බව සන්දේශයෙන් පෙන්වා දී තිබේ.

 

මන්නාරමේ විරෝධතා පා ගමනක්

 

ආණ්ඩුව

 

අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ  කියා සිටින්නේ  සිරකරුවන්හැමදෙනාටම  පොදු සමාවක් ලබා දිය නොහැකි බවයි.

 

 

විපක්ෂ  නායක ආර්. සම්පන්තන් ගේ මතය වන්නේ මේ සිරකරුවන් රඳවාගෙන් තිබේ ආකාරය  අසාධාරණ බව ආණ්ඩුව පිළිගෙන තිබෙන හෙයින්මේ පිරිස් වහාම නිදහස් කල යුතු බවයි. සිරකරුවන් කියා සිටින්නේ සියලු දේශපාලකයින් තමන් රවටා ඇති බවයි. එහෙයින් මේ කථා බතා වලින් වැඩක් නැති බවත් තමන් නිදහස් කරන්නේ  හෝ නඩු පවරන්නේ නැතිනම් තමන් මැරෙන තෙක් උපවාස කරන බවයි.

 

[vsw id=”/u5pxI2vnOP0″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

Political prisoners give ultimatum for hunger strike

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.