TAX: මාර්ග බද්දක්

 

CARTAX

 

මෙම මස 20 වනදා ඉදිරිපත් කිරීමට නියමිත 2016 අයවැයෙන් වාහන සඳහා නව බද්දක් පැනවීමට නියමිත බවට වාර්තා වේ. මෙම නව බද්ද මාර්ග බද්ද ලෙස නම් කර ඇති අතර යතුරු පැදි ඇතුළු සියළුම වාහන සඳහා මෙම නව බදු ගෙවීමට සිදු වන බවට වාර්තා වන අතර පුද්ගලික වාහන වලින් වැඩි බද්දක් අය කෙරෙන බවටද පැවසේ.
වාර්ෂිකව අයකෙරෙන වාහන බලපත්‍ර ගාස්තුවට අමතරව මෙම නව බද්ද අය කෙරෙන අතර වාහන බලපත්‍ර අලුත් කිරීම සමඟම එම මාර්ග බද්ද ගෙවීමට වාහන හිමියන්ට සිදුවනු ඇත. මීට අමතරව කොළඹ නගරයට ඇතුළු වන වාහන සඳහාද වෙනම ගාස්තුවක් අය කිරීම සම්බන්ධවද සාකච්ඡා කෙරෙමින් පවතී.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.