Telco:මගේ අත යට ගනුදෙනු නැහැ- හරින්

harin fernando

 

 

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් හච්  සමාගම මිලදී ගැනීමේදී තමන් අතයට ගනුදෙනු වල නිරත  වී නැති  බව හරින් ප්‍රනාන්දු  ඇමතිවරයා කියා සිටී..

හච්-මොබිටෙල් ගණු දෙනුව සම්බන්ධයෙන් අද දිනයේද අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමක් (presentation) සිදු වූ අතර  අගමැතිවරයා ඇතුළු සියළු පක්ෂ වල මැති ඇමැති වරු සහභාගී වූ බවත් කුමාරසිංහ සිරිසේන සභාපති වරයා සහභාගී නොවූ බවත් ඔහු පැවසීය.

 

ශබ්ද තරංග අයිතිය (Spectrum) බෙදාදීම් අනුව මොබිටෙල් සමාගම තවදුරටත් ව්‍යාප්ත කරන්නේ නම් නිසැකවම වෙනත් තරංග අයිතීන් හිමි ආයතනයක් මිලට ගත යුතු බවත් ඒ අනුව හච් දුරකථන ජාලය මිලදී ගැනීමට කලක තිස්සේ සැලසුම් කර ඇති බවත් කී හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා  කියන ආකාරයේ දූෂණයක් සිදුවිය හැකි නමුත් එවැන්නක් සිදු නොවීම  සඳහා ආණ්ඩුව පියවරයන් රැගෙන තිබෙන බවත් පැවසීය.

එම පියවර නම් මිලදී ගැනීමේදී මිල තීරණය කිරීමට අගමැතිවරයාද සහිත සියළු පක්ෂ වල ඇමැතිවරුන් නියෝජනය වන පරිදි අනු කමිටුවක් මගින් මිල තීරණය කිරීමට කටයුතු යොදා ඇති බව ය.

එකිනෙකා අතර අත යට සිදුවන ගනුදෙනු සම්බන්ධයෙන් නම් තමාට කිසිවක් කිව නොහැකි නමුත් එවැනි දේ වැළැක්වීමට සියළු කටයුතු කරන බවද හේ කීය. මොබිටෙල් සමාගමේ අධ්‍යක්ෂවරුන්ගෙන් 5 දෙනෙක් ලංකාවෙන් පත් වන අතර 4 දෙනෙක් පත්වන්නේ මැලේසියානු සමාගෙමන් බවත් මිලදී ගැනීමකදී ලංකාවේ ආණ්ඩුවට කිසිවක් තනිව තීරණය කළ නොහැකි බවත් හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා පැවසීය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.