තාජුඩීන්ගේ පනපිටින් පුළුස්ස්සා ඇති බව තහවුරු වේ

Thajudeen

 

 

තාජුඩීන්ගේ මරණය පිළිබඳ අවසන් වාර්තාව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා වෙත ඉදිරිපත් කරමිණි. මොහුට පහරදී දුර්වලකොට මගී අසුනේ තබා අනතුර සිදුවීමට ඉඩ සලස්වා ඇති බව වෛද්‍ය විශේෂඥයන්ගේ මතය වී තිබේ.

කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝන්, විශේෂඥ වෛද්‍ය ජීන් පෙරේරා සහ අතිරේක අධිකරණ වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය එස්.පී.ඒ. හේවගේ යන වෛද්‍ය මණ්ඩලය මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත.

මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ මරණයට හේතුව ගෙළ ප්‍රදේශයට, පපුවට සහ කකුල්වලට සිදුවී ඇති තුවාල හේතුවෙන් ඇති වූ ප්‍රතිවිපාක සහ ඉන්පසු ඇති වූ ගින්නේ ප්‍රතිවිපාක බව වෛද්‍ය මන්ඩලයේ මතය වී ‍තිබේ. ඒ අනුව, ගිනි ගැනීම මරණයට ස්වල්ප වේලාවකට පෙර හෝ මරණය සිදුවෙමින් තිබූ කාලය තුළ සිදුව ඇති බවත්, එම වාර්තාවෙන් දැනුම්දී ඇති බව සඳහන්ය.

සිද්ධියට අදාළව අස්ථානගත වී ඇති බව පැවසුණු මොහොමඩ් තාජුඩීන්ගේ අස්ථි සාම්පල් සහ අස්ථි කොටස් සම්බන්ධයෙන් ද වෛද්‍ය මණ්ඩලය තම නිරීක්ෂණ ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව, ප්‍රථම වෛද්‍ය පරීක්ෂනයේ සහ එම එක්ස් – රේ පිටපත්වල ඇතුළත් අධිකරණ වෛද්‍ය විද්‍යාත්මකව වැදගත්කමක් ඇති කලවා අස්ථි දෙකක් සහ පසු අස්ථිය ගොඩගන්නා ලද ශරීර කොටස් සමග නොතිබූ බව වෛද්‍ය මණ්ඩලය සදහන් කර ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.