Thanks;රවී පුන්නක්කු මිල වැඩි නොකළාට ස්තුතියි

dfhdravi

 

 

අයවැයට පෙර පුන්නක්කු මිල වැඩි නොකර ලෙස ඉල්ලා සිටිමින් ෆේස් බුකියේ  පෝස්ට් එකක් සරසරන්නට විය.

එහි දේශපාලන යථාර්තය වැටහෙන්නේ  දැන්ය.

රවී කරුණානායක ඇමතිවරයා  තම අයවැය යෝජනා ඉදිරිපත් කරන්නේ පුන්නක් කන ජනතාවකට යන පුර්ව නිගමනය සහිතව බව  මේ ඉල්ලීම කළ තැනැත්තා හෝ තැනැත්තිය දැන ගෙන සිටින්නට ඇත.

 

මේ කරුණ වඩාත් සනාථ වන්නේ කාර්  සඳහා බදු මිළ වැඩි කළේ ඇයිදැයි රවී කරුණානායක ගෙන් මාධ්‍ය ප්‍රශ්න කළ  විටය.

ඔහුට අනුව දිනකට වාහන හය දහසක් එකතු වෙන  අතර එය එක්  දහස දක්වා අඩු කොට පරිසර හිතකාමී වීම සඳහා බදු වැඩි කිරීමට සිදුවී ඇත.

ලක්ෂ විස්සක වැඩි කිරීම ‘සුළු ‘වැඩි කිරීමකි.

රනිල් වික්‍රමසිංහ සහ රවී කරුණානායක ආදීන් බලය ඉල්ලා සිටින විට කියා සිටියේ සොච්චම්  පඩියෙන් කාර් එකක් ගන්නට බැරි නිසා තමන් බලයට පත් වූ විට කාර්  එකක් ගන්නට අවස්ථාවක් ලබා දෙන  බවය.

දැන් මේ සිදු කොට ඇති වැඩිවීම් වලට අනුව රනිල් සහ රවී බලගතු කරන්නට යන මධ්‍යම පංතියට කාර්  එකක් තබා ටයර් එකක් හෝ  මිලදී ගත නොහැකිවෙනු ඇත.

 

ravikj

 

මෙය හුදෙක් කාර්  මිළ වැඩිවීම පිළිබඳව ගැටළුවක් නොවේ.

තමන් කියන දෙය අතාර්කික බව රවී කරුණානායක දනී.

එහෙත්  ඔහුට ගැටළුවක් නැත මන්දයත් ඔහු පුන්නක්කු මිල වැඩි කොට නැත.එහෙයින් පුළුල් විරෝධයක් ගොඩ නැගීමට ඉඩක් නැත.එහෙයින් කොහෙද යන්නේ මල්ලේ සොසේජස් උත්තර දුන්නාට කම් නැත.

පොඩි පරහකට ඇත්තේ මීට පෙර එසේ සිතු අයගෙන් සමහර දෙනෙකුට මේ වන විට ඇඩ්‍රස් නැතීවී ගෙන  යමින් පැවතීමයි.

 

කොහෙද යන්නේ මල්ලේ සොසේජස් උත්තර

 

[vsw id=”/0qzBZx5GRa8″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

වැස්සේ නොතෙමී යන්නට කාර් ගන්න රනිල් ක්‍රමය

 

[vsw id=”/44ioEv1GBzU” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.