Three Wheel:තදබදයට හේතුවක්

 

 

මන්තීරු නීතිය තවදුරටත් ක‍්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසන්නේ අදාළ නීති පිළිබඳ රියදුරන් විශේෂ සැලකිල්ල යොමු කළ යුතු බවයි.
මෙරට නගර ආශ‍්‍රිතව වාහන තදබදයට මෙන්ම අනතුරු ඉහල යාමටද ත‍්‍රීරෝද රථය හේතු වී ඇතැයි ප‍්‍රවාහන ක්ෂේත‍්‍රය පිළිබඳ විද්වතෙකු වන ආචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා පවසනවා.

 

විශේෂයෙන් නාගරික පද්ධතිය තුළ ත්‍රීරෝද රථ විශාල සංඛ්‍යාවක් දැකගත හැකි බවත් ඇතැම් රටවල මෙම රථය අනාරක්ෂිත වාහනයක් ලෙස සලකන බවත් පැවසුවා.

 

රථ වාහන තදබදයට සහ අනතුරු වලට කරුණු 05 ක් හේතු වන බව සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පෙන්වා දෙනවා.

 

ඒ අනුව මාර්ගවල ධාවනය කෙරෙන රථවාහනවල තත්ත්වය, රියදුරන්ගේ තත්ත්වය, මාර්ග පද්ධතියේ තත්ත්වය, මාර්ගය භාවිතා කරන පදිකයින්ගේ තත්ත්වය සහ මාර්ග නීති ක්‍රියාත්මක කරන පොලීසිවල තත්ත්වය ලෙස එම කරුණු අඩු වැඩි වශයෙන් බලපාන බවයි පෙන්වා දුන්නේ.
මේ අතර ත‍්‍රීරෝද රථ වලින් සිදුවන අනර්ථය අඩු කර ගැනීම සඳහා ප‍්‍රතිපත්ති සම්පාදනය වී නොමැති බවයි ප‍්‍රවාහන අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකුද වන ලලිතසිරි ගුණරුවන් මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

three wheelers cause congestion

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.