Tobacco :දුම්කොළ සමාගමට ජග වාසි -බිලියන 68ක ආදායමක්

 

ලංකා දුම්කොළ සමාගමේ නවතම මූල්‍ය වාර්තාවට අනුව  මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා වූ මාස නවය සඳහා රුපියල් බිලියන 68.6ක් බදු වශයෙන් ශ්‍රී ලංකා රජයට ගෙවා ඇති බව එම සමාගම පවසයි.

මේ අනුව පෙනී යන්නේ දුමට එරෙහි සටන අන්ත පරජයට පත් වී ඇති බවය.

 

දුම් බීමේ අදීනව කියාදීමට ඉදිරිපපත් කළ රූපමය අවවාදය නිසියාකාරව පල කිරීමට නොහැකි වීම හේතුවෙන් තමන් දැඩි කම්පාවකට ලක්වූ බව කියා සිටී එවකට සිටි සෞක්‍ය අමාතවරයා දැන් ජනාධිපති තනතුරේය.

අනෙක් අතට එළිමහනක දුමක් ඇද්දොත් කෙළින්ම කුඩුවේ දාන එකම රට ලංකාවයි.

මේ එකකින් වත් වැඩක් වී ඇත්ද යන්න සැක සහිතය.

දුම්කොළ සමාගම කියා සිටින්නේ තමන් රාජ්‍ය භාණ්ඩාගාරයට සැහෙන තරම් මුදල් පොම්ප කරන  බවයි.

ඔවුන් රජයට මෙම සම්මාදම කරනුයේ එම කාලය තුළ තමන්ද රුපියල් බිලියන 8.8ක ශුද්ධ ලාභයක් උපයා ගන්නා අතරය. මෙය ඉකුත් වසර හා සසඳන විට සමාගමේ ලාභ ලැබීමේ 27%ක වර්ධනයකි..

2014 වසරේ පළමු මාස 09 තුළදී රුපියල් බිලියන 64 ක දළ ආදායමක් ඉපැයූ ලංකා දුම්කොළ සමාගම 2015 එම කාලය තුළදී රුපියල් බිලියන 82.79 ක දළ ආදායමක් උපයා ඇත. එය 29% ක වර්ධනයකි.

 

 

අදාළ වසර තුළ පාරිභෝගිකයන්ගේ ආදායම සහ පාරිභෝගික විශ්වාසය වැඩි වීම මෙම තත්වයට හේතු වූ බව සමාගම තම කොටස්කරුවන් වෙත නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පොලිස් වැටලීම් මගින් සිගරට් මිලියන 10.4ක් අල්ලා ගෙන ඇතැයිද ඒවායෙහි වෙළඳ වටිනාකම රුපියල් මිලයන 304ක් වෙතැයිද සමාගම පවසයි. සිගරට් බදු දැඩි ලෙස ඉහළ යාම සිගරට් ජාවාරමට අනුබලයක් වන බවද සමාගමේ අදහසයි.

 

දුප්පතාගේ හිතවතා වන ‘බීඩි’

දුප්පතාගේ හිතවතා වන ‘බීඩි’ නීෂ්පාදනය සුළු පරිමාණයේ නීත්‍යානුකූල ව්‍යාපාරයකි. එයින් අය කෙරෙනුයේ අඩු බද්දක් වුවද එයද එම ව්‍යාපාරයේ ආදායමට බාධාවක් බව ලංකා දුම්කොළ සමාගම පෙන්වා දෙයි.

බීඩි දුම් පානය කරනුයේ අඩු ආදායම් ලාභීන් සහ කම්කරුවන්ය. නමුත් අන්තර්ජාතික සමාගම් මගින් ගොඩනගන ලද ඉහළ පෙළේ වාණිජ ප්‍රතිරූපයක් බීඩියට නැත.

මෑත කාලයේදී රජයේ ආදායම ඉහළ නංවා ගැනීමට සිගරට් බදු වැඩි කරන අයුරු දක්නට ලැබුණි.  රාජපක්ෂ රජය විසින් පටන් ගත් එම පිළිවෙතම වර්තමාන රජයද නොකඩවා අනුගමනය කරන බව පෙනේ.

සිගරට් මිල ඉහළ නැංවීමෙන් දුම්පානය අඩු නොවන බවත් එමගින් රජයේ මෙන්ම දුම්කොළ සමාගමේද ආදායම් පමණක් නිරන්තරයෙන් ඉහළ යන බවත් මෙයින් පෙනෙන්නේ.

ඒ හා  සමාන්තරව ඉහල යන තවත් වියදමක් ඇත.ඒ දුම්බීම නිසා රෝගී වන පිරිසට ප්‍රතිකාර කිරීමට යන වියදමයි. එහෙත් ඊට කම් නැත.මන්දයත් ලිප ගිනි මොළවන තෙක් දිය සැලියේ ,සැපයක් යැයි සිතන  කකුළුවෝ බොහෝ වෙති.

 

Ceylon Tobacco in profit

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.