Trap:සයුරුට මොකද වෙන්නේ?

Dr-Sayuru-samarasunderaඅමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු ඇමැතිවරුන් තිදෙනකු මුදල් ලබාගත් බවට ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති නඟා ඇති චෝදනා සම්බන්ධයෙන් කඩිනම් පරීක්‍ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පොලිස්පතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කොට තිබේ.

ඊයේ උදේ පොලිස්පතිවරයාට ලැබුණු එම ලිඛිත පැමිණිල්ල පොලිස්පතිවරයා විසින් රහස් පොලිසියට යොමුකරන ලද බව පොලිස් මූලස්ථානයේ උසස් පොලිස් නිලධාරියකු පැවැසීය.

මී ලඟට නැගෙන ප්‍රශ්නය නම් රාජිත සේනාරත්න වෙනුවන්   නිශ්ශංක සේනාධිපති හා දුරකතනය ඔස්සේ කථා කරමින් ගනුදෙනුව මෙහය වූ බව කියන සයුරු සමරසුන්දරට කුමක් වන්නේද යන්නයි.

මේ තාක් තමන් මේ ගනුදෙනුවට සම්බන්ධ නැති බව සයුරු සමරසුන්දර විසින් ප්‍රකාශ කොට නැත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.