Turmoil: රනිල්-රවී විරසකයක්?

 

 

ranillb

 

මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ විෂය පථයට ඇතුළත් රාජ්‍ය සංස්ථා හා දෙපාර්තමේන්තු ඇතුළු ආයතනවලට පත් කළ සභාපතිවරුන් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන්ට වහාම එම තනතුරුවලින් ඉල්ලා අස්වන ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා දැනුම් දී ඇත.

 මෙම නියෝගය නිකුත් කර ඇත්තේ නොවැම්බර් මස 6 වන දිනය.

මේ නිසා මුදල් අමාත්‍යාංශයේ කටයුතු බරපතළ ලෙස බිඳ වැටී ඇති අතර අමාත්‍යාංශ කටයුතු පවත්වාගෙන යෑම ද දුෂ්කර වී ඇතැයි දැනගන්නට ඇත.

රටේ ආර්ථික ප‍්‍රතිපත්ති හා  සංවර්ධන සැලසුම් පිළිබඳව සැලැස්ම සකස් කිරීම හා ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට දැනුම් දීම මුදල් අමාත්‍යවරයාගේ කාර්යභාරය වන නමුත් ඉදිරි ආර්ථික සැලසුම් පිළිබඳව ඉකුත් නොවැම්බර් පස්වැනි දින රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප‍්‍රකාශයක් මඟින් හෙළිදරව් කළේය.

මේ නිසා මුදල් අමාත්‍යවරයා ද දැඩි අපහසුතාවකට පත් වූ බව වාර්තා වේ.

83608_ravi-new-

මුදල් අමාත්‍යාංශයේ පත්කිරීම් සඳහා රනිල් වික‍්‍රමසිංහ මහතා මැදිහත් වීම මඟින් මුදල් අමාත්‍යාංශයේ කටයුතු රනිල් වික‍්‍රමසිංහ යටතට ගෙන ඇති බව පැහැදිලිය.

මේ නිසා එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුන්ට අයත් අමාත්‍යාංශවල කටයුතු රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ඍජු මැදිහත් වීමට යටත්ව කරගෙන යාමට අමාත්‍යවරුන්ට සිදුව ඇත.

අගමැතිවරයා මෙලෙස අමාත්‍යාංශ ගණනාවකට අත පොවා ඇත්තේ තමන් යටතේ වන ඇමැතිවරුන්ගේ කළමනාකාරීත්වය පිළිබඳව ඇති අවිශ්වාසය නිසාද යන්න ගැන පසුගිය කාලයේ කතාබහට ලක්ව තිබිණි.

විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විට අගමැතිවරයාගේ පාලනය යටතේ පවතී.

 

ගුටිකෙළි

ආණ්ඩුව අභ්‍යන්තරයේ මේ වන විට ඇති වී ඇති අගමැති රනිල් වික්‍රමසිංහ හා මුදල් ඇමති රවී කරුණානායක අතර අර්බුදය ගුටි කෙලි දක්වා වර්ධනය වී තිබේ.

ඊට හේතු වී ඇත්තේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ ප්‍රධාන විධායකයා ලෙස මුදල් ඇමතිවරයා විසින් පත්කර තිබූ ඔහුගේ ඥාතියා ඉවත් කොට අගමැතිවරයා විසින් පත්කළ තැනැත්තා ඊයේ (11) වැඩ භාර ගැනීමට ගිය වෙලාවේ මුදල් ඇමතිවරයාගේ ආධාර කරුවන් විසින් පහර දී එළවා දැමීම නිසාවෙනි.

එජාප ජයග්‍රහණය සඳහා කිසිදු මෙහෙයක් සිදු නොකළ අසලකවත් නොසිටි පුද්ගලයෙකු වන කීත් බර්නාඩ් නැමැත්තෙකු අගමැතිවරයාගේ නිර්දේශය මත රාජ්‍ය ව්‍යවසාය අමාත්‍ය කබීර් හෂීම් මහතා විසින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායකයා ලෙස පත්කිරීම පිළිබඳව උරණ වී ඇති මුදල් ඇමතිවරයාගේ ආධාර කරුවන් ඔහුට මෙසේ පහර දී එළවා දමා ඇත.

හිල්ටන්  හෝටලය

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමාගමේ සභාපති හේමක අමරසූරිය මහතාට ඉවත්ව යන ලෙසට කිසිදු දැනුම් දීමක් නොකිරීම රවී කරුණානායක මහතාගේ ඉමහත් කෝපයට හේතු වී තිබේ. මන්ද යත් ඔහුව පත්කර ඇත්තේ අගමැතිවරයා විසින් බැවිනි.

ඊයේ (11) අගමැතිවරයා හමුවූ හිල්ටන් හෝටලයේ අධ්‍යක්ෂක මණ්ඩලය ඔහු වෙත අවධාරණය කොට ඇත්තේ හිල්ටන් හෝටලය අයත් වන්නේ මහා භාණ්ඩාගාරයට බවත් මහා භාණ්ඩාගාරය අයත් වන්නේ මුදල් අමාත්‍යංශයට වන බැවින් රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යංශයට හිල්ටන් හෝටලයේ අධ්‍යක්ෂක මණ්ඩලය සම්බන්ධයෙන් කටයුතු කිරීමට බලයක් නොමැති බවයි. මෙම කරුණු දැක්වීමෙන් කෝප වී ඇති අගමැතිවරයා හිල්ටන් හෝටලයේ අධ්‍යක්ෂක මණ්ඩලයට සහ සභාපති තුමියට අවධාරණයෙන් පවසා ඇත්තේ නීති හා තාක්ෂණික තර්ක නොදමා වහාම තම අණ පරිදි ඉල්ලා අස්වන ලෙසයි.

 

prime minister and finance minister in difference of opinion

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.