UN:මන්නාරමේ මාධ්‍ය වාරණයක්

බලහත්කාරයෙන් සිදු කරනු ලැබූ අතුරුදහන් කර වීම් පිළිබඳ සොයා බලන එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කමිටුවේ නියෝජිත පිරිස මන්නාරමට ගොස්  අතුරුදහන් වූවන්ගේ ඥාතීන් හමු වී කළ කථා බහ මාධ්‍යවේදීන්ට වාර්තා කිරීමේ අවස්ථාව ලැබී නැත.

 

මාධ්‍යවේදීන් ඡායාරූප ගැනීමට තැත් කළ අවස්ථා ව වලක්වා ඇති වාර්තා වේවේ.

 

ඥාතීන් අහිමි වූ පිරිස් විසින් නියෝජිතයින් පැමිණෙන ස්ථානයට නුදුරින් උද්ඝෝෂණයක් පවත්වා ඇති නමත් මෙම නියෝජිත පිරිස එම උද්ගෝෂණ හමාර වීමෙන් අනතුරුවයි මන්නාරමට ලඟා වී ඇත්තේ.

 

අතුරුදහන් වූවන් පිළිබදව රජය විසින් ඉදිරිපත් කරනු ලබන සංඛ්‍යා ලේඛන කිසිසේත්ම පිළිගත නොහැකි බව එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිසට දැනුම් දී ඇති කතෝලික පියතුමෙක් කියා සිටියේ රජයේ සංඛ්‍යා ලේඛණවල ඇති අතුරුදහන් පුද්ගලයින්ගේ සංඛ්‍යාව වන 4700 ක ප්‍රමාණය  පිළි ගැනීමට හැකියාවක් නැති බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පත් කරන ලද විශේෂ කමිටුව වෙත පමණක් පැමිණිලි 19000 ක් පමණ ලැබී ඇති බවත් එසේ තිබියදී  අතුරුදන් වූවන්ගේ ඥාතීන් 4000 කට අඩු ප්‍රමාණයකින් තොරතුරු ලබාගෙන වාර්තාවක් පිළියෙල කිරීම කිසිසේත් සාධාරණ නොවන  පියතුමන් නියෝජිත පිරිසට පවසා ඇත.

 

මෙම නියෝජිතයින් පිරිස කිලිනොච්චිය සහ යාපනය පළාත්වලද සංචාරය කිරීමට නියමිතය.

UN team visiting Srilanka cencers media

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.