UN Team: භූගත වධකාගාරයක තොරතුරු හෙලිදරව් කරති (v)

UN Press brief Colombo

 

ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරේ  පවත්වා ගෙන ගිය  රහසිගත කඳවුරක් දැක බලා ගැනීමට තමන් ගිය බව ශ්‍රී ලංකාවේ අතුරුදහන් කිරීම් පිළිබඳ සොයා බැලිම සදහා පසුගියදා දිවයිනට පැමිණි  බලහත්කාරයෙන් හෝ නොකැමැත්තෙන් හෝ අතුරුදහන් කරනු ලැබුවන් සම්බන්ධ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කමිටුව සිය නිරීක්ෂණ කටයුතු නිමා කරමින් 18 බදාදා කොළඹ දී මාධ්‍යවේදීන් හමුවේ හෙළිදරව් කළේය.

‘ගෝටාස් කෑම්ප්’

ගාල්ල – බූස්ස රඳවා තබා ගැනීමේ කදවුරට අමතරව ත්‍රිකුණාමලයේ නාවික හමුදාවට අයත් රහසිගත කදවුරු නිරික්ෂණය කිරිම සදහාද තමන් ගිය බව පැවසු එම කණ්ඩායමේ ප්‍රධානී බර්නාඩ් ඩුහේම් එම ස්ථානය තුළ දිගු කලක් තිස්සේ පුද්ගලයන් රදවා තබා ගත් බවට තොරතුරු අනාවරණය වු බව පැවසීය.

කෙසේ වෙතත්,  තමන්ට නිරීක්ෂණය කිරිමට හැකි වූයේ එම කදවුරේ කොටසක් පමණක් බවයි කණ්ඩායමේ සාමාජික ඒරියල් දුලිට්ස්කි පවසා සිටියේ.

එම නිරික්ෂණය තුලදී කදවුරේ බිත්ති වල ඉතාම මෑත දින ලෙස  2010 වසරේ දින සටහන් ඉතා පැහැදිලිව දැක ගන්නට හැකිවු බව පැවසු ඔහු  පලදායී ලෙස පරීක්ෂණයක් පවත්වන ලද්දේ නම් ජීවිත කිහිපයක්ම බේරා ගැනීමට ඉඩ තිබු බව ප්‍රකාශ කළේය.

 

[vsw id=”/rBpJuSUCyqU” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

පලදායී නීති ක්‍රියාවලියක් නොතිබුණු නිසා සමහර ජීවිත විනාශ වී ඇති බවට චෝදනා කළ ඔහු  දැනට දැනගන්නට තිබෙන පරිදි  එහි රඳවා තබනු ලැබුයේ 11 දෙනකු පමණක් බවට රජයේ ආරක්ෂක අංශ විසින් කරන ලද ප්‍රකාශ නො පිලිගනිමින් සදහන් කළේ එහි ඇති කුටි සංඛ්‍යාවත්, එය පාවිච්චියට ගන්නා ලද අවුරුදු ගණනත් සැලකිල්ලට ගත් කල, ඊට වඩා බොහෝ දෙනා එහි රඳවා තබා ගත් වග පැහැදිලි වන බවයි.

ඒ අනුව ත්‍රිකුණාමල නාවික හමුදා කදවුරේ රහසිගත සිරකඳවුර සොයා ගැනීම වැදගත් හෙළිදරව්වක් බව ඒරියල් දුලිට්ස්කි ප්‍රකාශ කළ අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විය යුතු බවයි ඔහු අවධාරණය කර සිටියේ.

එම කණ්ඩායමේ සාමාජික තේ උන් බයික් ප්‍රකාශ කර සිටියේ මෙම රහසිගත සිර කඳවුර මුලින් පවත්වාගෙන ගොස් ඇත්තේ අවි ගබඩාවක් ලෙසින් බවයි.

විශේෂඥ කණ්ඩායමේ නායක බර්නාඩ් ඩුහේම් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ සිරගත කරනු ලැබුවන් දීර්ඝ කාලයක් රඳවා තබා ගන්නට ඇති බවට විශ්වාස කළ හැකි සාක්ෂි තමන්ට හමුවූ බවයි.

 

1

සමූහ මිනී වලවල්

මන්නාරමේ සහ මාතලේ සමූහ මිනී වලවල් නිරීක්ෂණය කිරීමටත් එක්සත් ජාතීන්ගේ විශේෂඥ මණ්ඩලය ගොස් තිබේ.

එම සමූහ මිනී වලවල් වලට ආරක්ෂාව සලසා ඇති ආකාරයත්, එහි තිබී හමුවූ නියැදි සහ සාක්ෂි සම්බන්ධයෙන් කටයතු කළ ආකාරයත් පිලිබඳ ‘පැහැදිලි ගැටළු’ හඳුනාගත හැකි බව විශේෂඥ කණ්ඩායම පවසයි.

UN  team visits secret torture camps

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.