UNP ඡන්ද පොළ නියෝජිතයින්ට චාන්ස්

unp polling booth agentsරැකියා ලබාදීමේදී එක්සත් ජාතික පක්ෂ ඡන්ද පොළ නියෝජිතයින්ට මුල් තැන ලබා දිය යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ විසින් බලධාරීන්ට දන්වා ඇත.

පක්ෂය ප්‍රති සංවිධානය කරන අවස්ථාවේදී ඡන්ද පොළ නියෝජිතයින් ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ වගකීම තමන් භාර ගන්නා  බව එවකට පක්ෂයේ මහ ලේකම් ලෙස  කටයුතු කළ තිස්ස අත්තනායක කියා සිටියේය. මේ යටතේ වැඩි  ප්‍රමුකතවක් ලැබීමට සුදුසු එක්සත් ජාතික පක්ෂ ඡන්ද පොළ නියෝජිතයින් එකොළොස් දහසක් පමණ හදුනා ගෙන තිබේ.

රැකියා වලට තෝරා ගැනීමේදී සුදුසු කම් වලට යටත්ව මෙම ඡන්ද පොළ නියෝජිතයින්ට ප්‍රමුකතාව ලබාදිය යුතු බවයි බලධාරීන්ට දන්වා  ඇත්තේ. ඉතා දූෂ්කර තත්වයන් යටතේ ප්‍රජා තන්ත්‍ර වාදය රැක ගැනීම සඳහා කැපවූ තමන්ට සහනයක්‌ ලබා දීමට ගත් මෙම පියවර තමන් අගය කරන නමුත්  නිලධාරීන් මෙම නියෝගය ක්‍රියාවට නංවන්නේද යන්න පිළිබඳව තමනට සැකයක් ඇති බව එක්ෂත් ජාතික පක්ෂ යොවුන් පෙරමුණේ සාමාජිකයෙක් lankanewsline වෙත කියා සිටියේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.