War Crimes:සුදු කොඩි ගැන අන්තර්ජාතික පරීක්ෂණයක් ඕනේ

ssfosekaඋතුරේ දියත් කළ යුද්ධයේදී ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සිදු කරන ලද අපරාධ සම්බන්ධ විශ්වසනීය සාක්ෂි තිබේ නම් ඒ සම්බන්ධ පරීක්ෂණයක් පැවැත්වීමට තමන් එකඟ බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කියා සිටියේය.

යුද මුක්ත කලාපයට බර අවියෙන් පහර දීම අත්  වරදක් බව ඔහු කියා සිටී. සුදු කොඩි සිදුවීම පිළිබඳව අනිවාර්යෙන්ම  අන්තර්ජාතික විමර්ශනයක් පැවැත්විය යුතු බව හිටපු හමුදාපතිවරයා  ප්‍රකාශ කළේය.

 

අත් අඩංගුවට ගත් කාන්තාවන් දුෂණය කොට මරා  දැමීම තමන් කිසිසේත්ම අනුමත නොකරන බවත් එසේ කල බව ඔප්පු වුවහොත් වරදකරුවන්ට දඬුවම් කල යුතු බවත් පැවසීය.

කොටි සංවිධාන සමකිකයින් 900ක් පමණ මිහිදන් කල ආකාරය තමාට සහ ගුවන් හමුදාපතිවරයාට දැක ගත හැකි වූ බව සරත් ෆොන්සේකා කියා සිටියේය.

 

[vsw id=”/xIlk3glmRfQ” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

Field marshal sarath fonseka wants an international inquiry on white flag incident.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.