Wever:කුහුඹුවෙක් වෙළඳ පොළට

Red_Weaver_Ant,_Oecophylla_longinoda (1)

ජෛව පලිබෝධනාශකයක් වූ Weaver  කුහුඹුවන් වඩාත් ඵලදායී හා ලාභදායී විකල්ප රසායනික කෘමි නාශකයක් ලෙස යොදා ගෙන හානිකර රසායනික භාවිතයෙන් වැලකී සිටීමට ඉඩ ඇති බව විද්‍යඥයින් පෙන්වා දෙති.

බොහෝ කුහුඹුවන් පළිබෝධකයන් යැයි සාමාන්‍ය යෙන් සලකනු ලැබුවත් Oecophyllaවර්ගයේ Weaver (පෙහෙර) කුහුඹුවන් ඉතා හොඳ උපද්‍රව පාලකයෙක් ලෙස ගොවියාගේ වගා ඵලදාව වැඩි කිරීමට සත්‍ය වශයෙන්ම උපකාර කරයි. Applied Ecology (ආදේශක පරිසර විද්‍යාව) නම් සඟරාවේ පළ වූ වාර්තාවකට අනුව විවෘත ගොවිපලවල ජෛව පාලනය සඳහා මෙම කුහුඹුවන් වඩාත් සුදුසු ලෙස වාර්තාගත වී ඇති උදාහරණයක් යැයි දක්වා තිබේ.රසායනික පළිබෝධනාශක සමඟ තරඟකාරී ලෙස කටයුතු කිරීමට මෙම ක්‍රමය යොදා ගත හැකි අතර එය වඩාත් ලාභදායී වේ.

ජෛව පාලක ලෙස ක්‍රියාත්මක වීමට මෙම රතු පැහැයට හුරු දුඹුරු වර්ණයෙන් යුතු කුහුඹුවන් භාවිතා කිරීම සත්‍ය වශ‍යෙන් නවතම අදහසක් නොවේ.දොඩම් වගා බිම් වලට මුදා හැරීම සඳහා කුහුඹුවන් චීන ජාතික ගොවියන් විසින් වසර 1700 කට පෙර මිළදී ගෙන ඇති බවද වාර්තා වේ.ඉන් බොහෝ කාලයකට පසු වසර 2008 දී වූ අධ්‍යනයකදී Weaverකුහුඹුවන් වගා බිම් වලට හානි කර කෘමීන් ආහාරයට ගන්නා බවත්, එය වඩාත් ඵලදායී ලාභදායී බවත් හඳුනාගෙන තිබේ. Weaver කුහුඹුවන් ඵලදාවේ ආදායම 71% කින් ඉහල දමන බවද වාර්තා වේ.දහස් ගණන් වියට්නාම් ජාතික ගොවියන් කජු වගාව සඳහා Weaverකුහුඹුවන් උපකාර කර ගැනීමව යොමු වී තිබේ.

Red Weaver Ant, Oecophylla smaragdina.jpg

 

 

කල් පවත්නා පළිබෝධනාශකයක් ලෙස කුහුඹුවන් යොදා ගැනීමට ඇති හැකියාව පිළිබඳAarhas විශ්ව විද්‍යාලයේ Joachin Offenberg විසින් විද්‍යාත්මක සමීක්ෂණයක් කරන ලදි.වත්මන් අවශ්‍යතා සහ ක්‍රියාවන්ට ගැළපෙන ලෙස කුහුඹුවන්ගේ නියෝජනය සැලකූ මෙය ‘Integrated Pest Management’ (ඒකාබද්ධ පලිබෝධ කළමනාකරණය) ලෙස හැඳින්වේ.කෘමීන් සංඛ්‍යාව අඩු කිරීම මඟින් සිදු වන හානිය අවම කර විවිධාකාර බෝග ඵලදාව වැඩිකිරීමට Weaver කුහුඹුවන් ප්‍රයෝජනවත් වේ.ඊට අමතරව රසායනික කෘමිනාශක වලට වඩා කුහුඹුවන් ඵලදායී බව අධ්‍යයන කිහිපයකදී හදුනාගෙන ඇත.

කෘමි පාලක ලෙස Weaver කුහුඹුවන්ට පමණක් නොව තවත් 13000 ක පමණ කුහුඹු වර්ගවලට කටයුතු කළ හැකිය. අධ්‍යයන වලදී එවැනි කුහුඹු වර්ග කෘමීන්,මල් පැල,පලතුරු වතුවල ඇති රෝග ,කැලෑ සහ ගොවිපල පාලනය කිරීමේ විභවතාවයන් ප්‍රදර්ශනය කර තිබේ.එනිසා ගොවියන් සඳහා Weaver කුහුඹු කූඩු ලබා දීමට යුරෝපීය සමාගම් 02 ක් ඉදිරිපත්ව ඇති බව Science  සඟරාව වාර්තා කරයි.

 

Large colonies of Oecophylla weaver ants consume significant amounts of food, and workers continuously kill a variety of arthropods(primarily other insects) close to their nests. Insects are not only consumed by workers, but this protein source is necessary for brood development. Because weaver ant workers hunt and kill insects that are potentially harmful plant pests, trees harboring weaver ants benefit from having decreased levels of herbivory

 

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.