WT1190F ආකාශ වස්තු නිරීක්ෂණය තංගල්ලෙන්

WT1190F-2
අභ්‍යවකාශයට යවන ලද රොකට්ටුවක කැබැල්ලක් නොවැම්බර් 13 වෙනි සිකුරාදා දවල් 11.45ට පමණ ශ්‍රී ලංකාවෙහි දකුණු මුහුදු වෙරළෙහි සිට සැතපුම් 62ක් පමණ දුරින් මුහුදට වැටෙන  අවස්ථාව නිරීක්ෂණය කිරීමට ශ්‍රී ලංකාවේ ග්‍රහලෝකාගාරය සුදානම් බව කියා සිටී.
මේ අතරවාරේ දකුණු දිග වෙරළ තීරයේ ධීවර කටයුතු වල යෙදීමේදී  සුපරීක්ෂාකාරී වන්න්නැයි  බලධාරීන් විසින් අනතුර්ය් ඇඟවීම් කොට ඇත.
 මෙම ආකාශ වස්තුව මිනිසා විසින් යවන ලද රොකට්ටුවක කොටසක් ග සමහරක් විට මෙය 1960,70 ගනන් වල හඳට යවන ලද ඇපලෝ යානයක කොටසක් වෙන්න පුළුවන් කියලත් විශ්වාස කෙරේ.
 
මෙහි ප්‍රමාණය මීටර දෙකක් පමණල  එනම් අඩි 6 ,5ක් පමණ වන අතර මේ රොකට් කැබැල්ල නිරීක්ෂණය කිරීමට තරම් ප්‍රමාණවත් ආලෝකයකින් මුහුදට වැටීම්ට ඉඩ තිබෙන බව  යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියෙහි පෘථිවියට ආසන්න ආකාශ වස්තූන් අධ්‍යයනය කරන මධ්‍යස්ථානය පවසයි.
 මෙයින් වැඩි කොටසක් පෘථිවි වායුගෝලයේදී දැවී යන අතර ඉතිරි කොටසයි මුහුදට වැටෙන්නේ. ඒත් සමහරක් විට පෘථිවියට වැටෙන්න පෙර  සම්පූර්ණයෙන්ම දැවී අවසන් වීමට තිබෙන ඉඩ බැහැර කළ නොහැක. 
 තංගල්ල සිට
WT1190F ලෙස නම්කර ඇති මෙම ආකාශ වස්තුව තංගල්ල ප්‍රදේශයෙහි සිට නිරීක්ෂණය කිරීමට ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය සුදානම්  වී සිටී.
 මෙය නිරීක්ෂණය කිරීමට බලාපොරොත්තු වන්නේ නම්  නියමිත වේලාවට පැය දෙක තුනක කාල පරාසයකට සිට නිරීක්‍ෂණය කිරීම වඩාත් සුදුසු බවයි ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය කියා සිටින්නේ.
සිකුරාදා  දවල් 10.00 සිට 12.30 දක්වා කාලය තුල මේ  ආකාශ වස්තුව පතිත වෙතැයි අනුමාන කෙරේ.
[vsw id=”/j5VzE-jf_c8″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]
Sri  Lanka’s observatory will observe space junk fall from the south .

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.