කාන්තා පොලිස් නිලධාරීන්ට ලිංගික හිංසන කළ ලොක්කන්ට ඇඩ්‍රස් නැතිවෙයිද ?

rapedගයාත්‍රි කාන්තා පොලිස් සේවයේ උප පොලිස් පරීක්ෂකවරියකි. ඇයට උසස්වීම ලැබුනේ මෑතකදීය.උසස්වීම ලැබීමත් සමඟම ගයාත්‍රිට මුහුණ දීමට සිදුවුනේ උභතෝකෝටික ගැටළුවකටය. උසස්වීම භාර ගෙන අගනුවරින් බැහැර නව සේවා ස්ථ්නයට ගොස් කන්තා ලෝලියෙක් සේ ප්‍රකට උසස් නිලධාරියෙක් ගේ සුරතලියක් වනවාද නැතිනම් ඒ පිළිබඳව හෙළිදරව් කොට ආත්ම ගරුත්වය රැක ගන්නවාද යන්න ඇය මුහුණ දුන් ගැටළුවයි.

ඇය අපිට කථා කළේ ලක්බිමේ ගයාන් කුමාර වීරසිංහ පොලිස් කාන්තා නිලධාරිනියන්ට, ‍පොලිස් ස්ථාන තුළදී මුහුණ දෙන්නට සිදුවන ලිංගික හිංසනය පිලිබඳ ලිපියක් කියවීමෙන් අනතුරුවයි. එම ලිපියට අනුව රට වැසියාට අප්‍රසිද්ධ මේ තොරතුරු ජාතික ‍පොලිස් කොමිසම විසින් හෙලිදරව් කොට ඇත.

ජාතික ‍පොලිස් කොමිසම පිහිටුවා වසරක් ගෙවී යන දින පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජාතික ‍පොලිස් කොමිසමේ ‍ලේකම් ආරියදාස කුරේ පැවසුවේ ‍පොලීසිය තුළ කාන්තා නිලධාරිනියන්ට සිදුවන ලිංගික හිරිහැර ඇතුළු ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට කාන්තා නිලධාරිනියන්ටම පවරා ඇති බවය. දිවයිනේ පළාත් 09 ආවරණය වන පරිදි එක් පළාතකට සහකාර ‍පොලිස් අධිකාරිනියක් වශයෙන් සහකාර ‍පොලිස් අධිකාරීවරියන් 09 දෙනෙකු මේ සඳහා පත් කොට ඇත.

වැටත් නියරත්
පිරිමි නිලධාරියෙකු ඉදිරියේ පවසන්නට බැරි කාරණා පවා ඒ අනුව නිලධාරිනියන්ට කියන්නට දැන් අවස්ථාව ලැබි ඇති බව ආරියදාස කුරේ පැවසුවත් ගයාත්‍රිට ඒ පිළබඳව තිබුනේ කුකුසකි. වැටත් නියරත් ගොයම් කන අවස්ථා බොහොමයක් දැක තිබුන ගයාත්‍රිට සැකයක් ඇතිවීම සාධාරණය.

වාසනාවකට මෙන් සියළුම ඉහළ පොලිස් නිලධාරීන් ලිංගික අපචාරීන් නොවන හෙයින් ඇගේ ගැටළුව සංවාදයෙන් විසඳා ගැනීම සඳහා අපට උපකාරී විය හැකිවිය.

එහෙත් ඇය සමඟ දුරකතනයෙන් යෙදුන සංවාදයේ කෙටි සටහනක් මෙහි පළ කිරීම වැදගත් යැයි හැඟේ.

කෙළිබඩු

අපි:ඇතැම් ඉහළ නිලධාරීන් සිතාගෙන සිටින්නේ කාන්තා නිලධාරීන් ඔවුන්ගේ කෙළිබඩු කියන්නේ ඇත්තද?
ඇය: ඔව් එහෙම කණ්ඩයක් ඉන්නව,අනෙක් අතට ඒ ගොල්ල අත සෙල්ලම් බඩුවක් වුනොත් ඔක්ක්කොම හරි කියලා හිතන අපේ පාර්ශවයේ අයත් ඉන්නවා.
අපි: ‍පොලිසියේස් රාජකාරි කරන මහත්තයව රාජකාරියේ යොදවලා WPC ගේ ගෙට රිංගපු පොලිස් ලොක්කෙක් ගැන අහලා තියෙනවද?
ඇය: කිසිත් නොකියා සිනාසෙයි
අපි;ඇහැට කනට පේන්නට සිටි කාන්තා නිලධාරිනියක් ඇගේ ‍පොලිස් පෙම්වතා සමග හෝටල් කාමරයක එකට සිටින වීඩියෝ දර්ශනයක් පසුගිය කාලයේ ‍පොලීිසියේ නිලධාරීන්ගේ අතින් අත ගිය බව ලක්බිම ලිපියේ තිබුනා.ඒක ඇත්තක්ද?
ඇය : එහෙම කථාවක් තිබුනා . මේ වීඩියෝව ප්‍රයෝජනයට අරන් වෙනත් සර්ලා එයාට කරදර කරන කොට එයා කම්ප්ලේන් කරපු බවයි ආරංචි.පස්සේ එයාව ඉන්ටර්ඩික්ට් කරලා. මන් හිතන්නේ පොලීසිය අපකීර්තියට පත් කලා වගේ චෝදනාවකට වෙන්න ඇති.
අපි: ඒ වීඩියෝව ලීක් කරපු පොලිස් ලොක්කාට මොකද වුනේ?
ඇය: දන්න විදියට නම් තවමත් යහතින් ඉන්නවා
අපි: ලක්බිම ලිපියේ තිබෙන විදියට නාඩි වැටෙනවනම් ඕනෑම කාන්තාවක් තමන් ගේ අවශ්‍යතා ඉටුකර ගැනීමට යොදා පොලිස් නිලධාරියෙක් තමන්ගේ මෝටර් රථය පවා යහනාවක් කරගෙන තියෙනවා තවත් කෙනෙක් යන යන තැන කාර්යාලවල වීදුරු කළු කරගෙන කාමරේට ඇහැට කනට පේන නිලධාරිනියන්ව පෞද්ගලික අවශ්‍යතා ඉටු කර ගන්න ගේනවා. බෑ කියපු අයට යන්න වෙලාලූ .මේ ඇත්තද?
ඇය: මේ ඔක්ක්කොම ගැන මට කියන්න බැහැ.හැබැයි දැන් මේ පොලිස් කොමිසමේ විමර්ශනයෙන් පස්සේ නම් ගම් ඇතිව සිද්ධි හෙළිදරව් වුනොත් කීප දෙනෙකුටම ඇඩ්‍රස් නැතිවෙන එකනම් ෂුවර්

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.