පුංචි ව්‍යායාමත් තරුණියන්ගෙ හෘද රෝග වලක්වනවා… පර්යේෂණයකින්  තහවුරු වේ…

Happy woman runningතරුණ කාන්තාවන් සතියකට පැය දෙක හමාරක් වැනි කාලයක් ශාරීරික ව්‍යායාමවල නිරතවීමෙන් හෘද රෝග වැළදීමේ අවධානම සියයට විසි පහ දක්වා අවම කර ගැනීමට හැකි වන බව කැනඩාවේ බැල්ටිමෝර්හි පිහිටි ජෝන් හොප්කින්ස් වෛද්‍ය විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් කරන ලද පර්යේෂණයකින් හෙළිවී තිබේ.

ව්‍යායාමවල නිරතවීම තුළින් හෘද රෝග, හදිසි ආබාධ, පිළිකා රෝග, දියවැඩියා රෝග සහ අනෙකුත් නිදන්ගත රෝග කෙරෙහි ඇති අවධානම් තත්ත්වයන් ද අවම කර ගැනීමට හැකියාව ලැබෙන බව එම පර්යේෂණ කණ්ඩායම පවසයි.

ශාරීරික ව්‍යායාම මධ්‍යස්ථානවලට සහභාගීවීම, ඇවිදීම, පාපැදි පැදීම සහ අනෙකුත් මධ්‍යස්ථ ක්‍රියාකාරකම්වල යෙදීම හෘද්ධ රෝග අවම කරගැනීම සඳහා ප්‍රමාණවත් වන බව ඔවුන් පවසයි. මෙම පර්යේෂණය සඳහා 97, 000කට අධික කාන්තාවන්ගෙන් තොරතුරු ලබා ගෙන ඇති අතර, ඔවුන් වයස අවුරුදු 27ත් 44ත් අතර විය.

හෘදයාබාධ ඇති වූ වාරගණන, පැවති මුළු කාලය, තීව්‍රතාවය යනාදිය පිළිබඳ විස්තර මෙම පර්යේෂණයේදී විශේෂයෙන් සලකා බලන ලදී. විවේක කාලවේලාවන්වලදී ශාරීරික ක්‍රියාකාරකම්වල නිරත වූ කාන්තාවන් හට හෘදරෝග ඇතිවීමේ ඉතා අඩු අවධානමක් පවතින බව පර්යේෂකයින් හඳුනාගෙන තිබෙන අතර, ව්‍යායාමවල නිතරවී ඇත්තේ සියයට 25ක පමණ කාන්තාවන් පිරිසකි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.