මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කාන්තාවන්ගේ අනාරක්ෂිත ලිංගික ඇසුර වැඩියිලු…

 

Unprorected sex1මත්ද්‍රව්‍ය භාවිතය කෙරෙහි යොමුවී ඇති කාන්තාවන් කොන්ඩම් භාවිතා නොකර ලිංගික සංසර්ගයෙහි යෙදීමට පෙළඹී ඇති බව බටහිර වෛද්‍ය සඟරාවක් කරන ලද අධ්‍යයනයකට අනුව අනාවරණය වී තිබෙනවා.

මෙම අධ්‍යයනයට අනුව මත්පැන් පරිභෝජනය කරනු ලබන කාන්තාවන් කොන්ඩම් භාවිතා කිරීම කෙරෙහි දක්වන කැමැත්ත අඩු බව අනාවරණය වුණා. මේ සඳහා මත් ද්‍රව්‍යවලට ගොදුරු වූ අවුරුදු 20ට වැඩි කාන්තාවන් 237දෙනෙකු තෝරාගෙන ඇති අතර, ඉන් තුනෙන් දෙකක් ලිංගික කාර්යෙහිදී අනාරක්ෂිත ලිංගික හැසිරීම්හි නිරත වී ඇති බව හඳුනාගෙන තිබෙනවා. මෙම පර්යේෂකයින් පෙන්වා දෙන්නේ මත්ද්‍රව්‍ය භාවිතය නිසා කොන්ඩම් නොමැතිව ලිංගික හැසිරීම හේතුකොට ගෙන “ලිංගික අවදානම ගැනීම“ වැඩි වී ඇති බවයි.

මෙම පරීක්ෂණයට සහභාගී වූ කාන්තාවන් සැපයූ තොරතුරුවලට අනුව පෙනී ගොස් ඇත්තේ උපත් පාලන ක්‍රම නිසි පරිදි භාවිතා නොකිරීම තුළින් සැලසුමකින් තොරව ගැබ් ගැනීම,  ලිංගික හැසිරීම් හරහා වැළදෙන රෝග පැතිරයාම යන කාර්යන් කෙරෙහි අවධානමක් ඇති බවයි.

නවතම තොරතුරුවලට අනුව සෑම වසරකම මිලියන 20කට අලුතින් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වැළදෙන බවත් ඉන් අඩකට වඩා වයස අවුරුදු 15ත් 24ත් අතර පසුවන්නන් බවත් නව අධ්‍යයනය මගින්  තහවුරු කරගෙන තිබෙනවා. මෙවැනි රෝගීන්ගේ ප්‍රතිකර්ම සඳහා වාර්ෂිකව වැඩ වන මුදල ඩොලර් බිලියන 16කි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.