ආම්ස්ට්‍රෝන්ට සඳ මතදි පිටසක්වල ජීවීන් හමුවුණා ලු…

Amstrongවර්ෂ 1969 ජූලි මස 21 වැනිදා සඳ මතට ගිය අජටාකාශගාමී නීල් ආම්ස්ට්‍රොන් සඳ මතදී විශාල පියාඹන පීරිසි දෙකක් සමඟ ජීවීන් කිහිපදෙනකු දැක ඇති බවටත් එම පණිවිඩය රහසේ රැක ගැනීමට නාසා නිලධාරීන් පියවර ගත් බවටත් රුසියානු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ව්ලැඩ්මිර් අස්නාස් පසුගියදා  පැවසුවේය.

නාසා පාලක මැදිරියත් ඇපොලෝ අජටාකාශගාමීනුත් නිරතුරුවම පණිවිඩ හුවමාරු කරගත් බවත් ඇපොලෝ යානය සඳ මත පතිත කරවන අවස්ථාවේ නීල් ආම්ස්ට්‍රෝං සඳ මත පියාඹන පීරිසි දෙකක් දැක ඇති බවත්, ආම්ස්ට්‍රොන් කළ මෙම ප්‍රකාශය නාසා ආයතනය බාහිර ලෝකයට නොදන්වා වාරණය කළ බවත් වැල්ඩ්මීර් කියයි.  පිටසක්වළ ජීවීන් සඳ මත සිටින නිසා සඳේ මිනිස් කඳවුරක් ඉදි කිරීමේ යෝජනාත් ඒ සමඟම නවත්වා දැමූ බව නීල් ආම්ස්ට්‍රොන් පසුව පවසා ඇතැයි ඔහු හෙළි කරයි.

මෙහි සත්‍ය අසත්‍යභාවය තවමත් නාසා ආයතනය අනාවරණය කර නැත.

වර්ෂ 1979දී නාසා ආයතනයේ සේවය කළ පණිවිඩ හුවමාරු පිළිබඳ විශේෂඥයකු වූ මොරිස් චැටර්ලේන් ට අනුව  ඇපොලෝ යානාව හා නාසා පාලක මැදිරිය අතර සංවාදවලට කිහිප වරක් බාධා එල්ල වී ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.