ඉන්දීය ගුවන් යානය ගැන කිසිම තොරතුරක් නෑ…

India2 දැනට පැය 24 ගතවී ඇතත්  අතුරුදන්  වූ ඉන්දීය හමුදා ගුවන් යානය පිළිබඳ  කිසිදු හෝඩුවාවක් නැතැයි ඉන්දීය  බලධාරීන් කියා සිටී.

රුසියාවේ නිෂ්පාදිත ‘AN 32’ ගුවන් යානය  චෙන්නායි සිට අන්දමන් දූපත් බලා ගමන් කරමින් සිටියේ දී අතුරුදන් වූයේය. ගුවන් යානය ගමන් ආරම්භ කොට මිනිත්තු පහළොවකට පසු රේඩාර් පද්ධතියෙන් නො පෙනි ගිය බව ඉන්දීය වාර්තා  පවසයි.

ගුවන් යානය තුළ සාමාන්‍ය වැසියන් නව දෙනකු ඇතුළු පුද්ගලයන් විසිනව දෙනකු ගමන් කොට තිබේ.

මේ වනවිට ඉන්දීය ආරක්ෂක ඇමති මනොහර් පරික්කර්ගේ අධීක්ෂණය යටතේ, අතුරුදහන් වූ ගුවන් යානය සොයා මුහුදු සහ ගුවන් මාර්ගයෙන් මහා පරිමාණ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතියි.

.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.