ඉන්දීය ගුවන් හමුදා ගුවන් යානයක් සෙබලුන්  29 සමග අතුරුදන් වේ

 

AN32 111පුද්ගලයන් 29 අධික පිරිසක් රැගත් ඉන්දියානු හමුදා ගුවන් යානයක් බෙන්ගාල බොක්කට ඉහළ අහසේ පියාසර කරමින් තිබියදී අතුරුදහන් වී ඇති බව ඉන්දීය ගුවන් හමුදාව පවසයි.

සෙබළුන් ප්‍රවාහනය කිරීමට යොදා ගන්නා අන්තෝනෆ් 32 වර්ගයේ ගුවන් යානය ඉන්දියාවේ වේලාවෙන් උදෑසන 08.30ට චෙන්නායි ගුවන්තොටුපළෙන් පිටත් වී ඇත. ඉන්දීය ගුවන් හමුදාව කීවේ අන්දමන් සහ නිකොබාර් දූපත් සමූහයේ බ්ලෙයාර් තොටුපොළ වෙත පියාසර කරමින් තිබියදී මෙම යානය ගුවන් පථයෙන් අතුරුදහන් වූ බවය.

මෙම AN 32 යානය බ්ලෙයාර් තොටුපොළට උදෑසන 11.30ට ගොඩ බැස්වීමට නියමිතව තිබිණි. ගුවන්යානය සෙවීමේ මෙහෙයුම් නැව් සහ ගුවන් යානා යොදා ගනිමින් මේ වන විට අරඹා තිබේ.

ඉන්දීය ගුවන් හමුදාව සෙබළුන් ප්‍රවාහනය කිරීමට යොදා ගන්නා අන්තෝනෆ් 32 වර්ගයේ ගුවන් යානා සියයක් පමණ සිය මෙහෙයුම් සඳහා යොදා ගන්නා බව වාර්තා වි ඇත. මෙම සෙබලුන් ඉන්දීය හමුදා කදවුරක් වෙත රැගෙන යද්දී මෙම අනතුර සිදුවී ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.