ඔස්කා පිස්ටෝරියස් සිය දිවි නසා ගැනීමේ තැතක?

රීවා ස්ටීන්කැම්ප් සහ ඔස්කා පෙස්ටෝරියස් අතීතයේ එක් දවසක...
රීවා ස්ටීන්කැම්ප් සහ ඔස්කා පෙස්ටෝරියස් අතීතයේ එක් දවසක…

සිය පෙම්වතිය වූ ඊවා ස්ටින්කැම්ප් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වී  බන්ධනාගාර ගත කොට සිටින දකුණු අප්‍රිකානු ඔලිම්පික් මළල ක්‍රීඩක ඔස්කා පිස්ටෝරියස් සියදිවි හානි කරගැනීමට කළ උත්සාහයක් ගැන වාර්තා වේ.

අතේ මැණික්කටුව ප්‍රදේශයේ වූ කැපුම් තුවාල සහිතව ඔස්කා රෝහල්ගත කළ ඔහු  ”සුළු තුවාල” ලබා සිටි බව බන්ධනාගාර ආරංචිමාර්ග කීවේය. ඔස්කා නැවත බන්ධනාගාරගත කර ඇතැයි ඔහු කීවේය.

තමන් සිය දිවි හානි කර ගැනීමට උත්සාහ නොකළ බව පිස්ටෝරියස් කියා ඇත. කෙසේ වෙතත් පිස්ටෝරියස්ගේ සිර කුටියේ තිබී බ්ලේඩ් තල හමු වී ඇති බව වාර්තා වේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.