ඔස්ට්‍රෙලියාවට අතුළු වෙන්න ශ්‍රී ලාංකික සරණාගතයන් බොරු කියනවා…

ඔස්ට්‍රේලියාවට ඇතුල්වීම සඳහා සරණාගතයන් ලිංගික අපයෝජන සිදුවූයේ යැයි බොරු කියන බවත් හිතා මතාම තමන්ට හානි සිදුකර ගන්නා බවත් එරට ආගමන කටයුතු පිලිබඳ අමාත්‍යවරයා පවසයි.

පීටර් ඩටන්
පීටර් ඩර්ටන්

පීටර් ඩර්ටන් මේ බව පැවසුවේ නාවුරු රැඳවුම් කඳවුරේ සිදුවීයි කියන අපචාර වලට අදාළ ලිපිගොණු දෙදහසක් හමුවී ඇති බවට වාර්තා පලවී දිනකට පසුවයි.

මෙම ‘නාවුරු ලිපිගොණු’ වලින් අනාවරණය වන්නේ ලිංගික අපයෝජනයට ලක්වූ රැඳවියන් තමන්ටම හානි සිදුකරගැනීම් සහ එම කඳවුරු තුළ පවතින අතිශය දුර්වල ජීවන තත්වය පිලිබඳ චෝදනාවන්ය.

එම ලිපිගොණු එළිදැක්වීම ඕස්ට්‍රේලියාවේ සරණාගතයන් පිලිබඳ ප්‍රතිපත්ති යළි සලකාබැලීමට ඉල්ලීම් කිරීමක් බඳු විය.

ගාර්ඩියන් පුවත්පත මගින් අන්තර්ජාල යොමුවක් ඔස්සේ පලකළ සමස්ථ ‘නාවුරු ලිපිගොණු’ අතර 2013 වසරේ සිට 2015 වසර දක්වා නාවුරු රැඳවුම් මධ්‍යස්ථානයේ සේවය කළ කාර්යමණ්ඩල සාමාජිකයන් විසින් ලියන ලද වාර්තා ද ඇතුළත්ව තිබුණි.

එහෙත් ආගමන කටයුතු අමාත්‍ය ඩටන් එම ලිපිගොණු නොසලකා හැර තිබුණේ ඒවායේ සඳහන් චෝදනා වලින් බොහොමයක් පිළිබඳව කලින් වාර්තාවී ඇති බව පවසමින්.

‘මොනවහරි ලිංගික අපයෝජනයක් සිදුවෙලා තියනවනම් මම ඒක නොසලකා ඉන්නේ නැහැ. එත් මට දැනගන්න ලැබිල තියනව වාර්තා කරල තියන ලිංගික අපයෝජන පිලිබඳ ඇතැම් සිදුවීම් බොරු චෝදනා කියල. මොකද ඇතැමුන්ට කොහොම හරි අපේ රටට ඇතුල්වෙන්න ඕන වුණු නිසා ජාවාරම් කරුවන්ට මුදල් දීලයි ඇවිත් තියෙන්නේ’ යනුවෙන් ඔහු පැවසුවේ 2GB Radio නම් ගුවන් විදුලි සේවයකට අදහස් දක්වමින්.

‘සමහර මිනිස්සු තමන්ටම හානි සිදුකරගන්න උත්සාහ කරලා තියනව, තවත් සමහරු සිරුරට ගිනි තබාගෙන පවා උත්සාහ කරන්නෙ ඔස්ට්‍රේලියාවට එන්න. නිසැකවම සමහර අය බොරු චෝදනා ඉදිරිපත් කරමින් රට ඇතුලට එන්න උත්සාහ කරලා තියනව’ යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර රටින් පිටත පිහිටා ඇති රැඳවුම් කඳවුරු පිළිබඳව කොමිසමක් පත්කරන ලෙස හරිත පක්ෂයෙන් කරන ඉල්ලීමට අගමැති මැල්කම් ටර්න්බුල් විරෝධතාවය දක්වා තිබේ.

ඕස්ට්‍රේලියාවේ මානව හිමිකම් කොමසාරිස්වරිය වන ගිලියන් ට්‍රිග්ස් ඕස්ට්‍රේලියානු ගුවන්විදුලි සේවයට ප්‍රකාශ කළේ සරණාගතයන් නාවුරු කඳවුරේ රඳවා තැබීම නීති විරෝධී සහ සදාචාර සම්පන්න නොවන, කල් නොපවතින ක්‍රියාවක් බවයි.

‘නාවුරු ලිපිගොණු’ වලින් වැඩි ප්‍රමාණයක් කඳවුර තුළ සිදුවීම් පිලිබඳ වෘත්තීයවේදීන් විසින් සිදුකළ වාර්තා වන බවයි ඇය පැවසුවේ. ( BBC)

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.