කාටත් පාඩමක්… මාර්කෝස් ගේ දේහයටත් පිලිපීන ජනතා විරෝධය

Marcos 1-1අපකීර්තියට පත් පිලිපීනයේ හිටපු ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාර්කෝස් ගේ දේහය ජාතික වීරයින්ගේ සුසාන භූමියේ මිහිදන් කිරීමට ඉඩදීම පිණිස පවතින සැලසුම් වලට එරෙහිව දහසකට වැඩි පිරිසක් මැනිලා නගරයේ විරෝධතා පැවැත්වූ බව බීබීසිය වාර්තා කරයි.

අධික වර්ෂාව මධ්‍යයේ විරෝධතාවය පළ කළ ඔවුහු එම තීරණය ගැන සලකා බලන ලෙස වර්තමාන ජනාධිපති රොඩ්රිගෝ ගෙන් ඉල්ලා සිටියහ.

මාර්කෝස් ගේ දේහය බැටක් නගරයේ ප්‍රදර්ශනයට තබා ඇති අයුරු
මාර්කෝස් ගේ දේහය බැටක් නගරයේ ප්‍රදර්ශනයට තබා ඇති අයුරු

එක් විරෝධතාකරුවෙක් පැවසුවේ ෆර්ඩිනන්ඩ් මාර්කෝස් යනු පිලිපීනයේ ජාතික වීරයන්ගේ සතුරකු බවයි.

පිලිපීනයේ හිටපු ආක්‍රමණික පාලකයෙකු වන මාර්කෝස් දැඩි ලෙස මානව හිමිකම් කඩ කිරීම් සහ වංචා සහ දූෂණ සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙකි.

1986 දී බලයෙන් පහ කෙරුණු ඔහු ඉන් වසර තුනකට පසු මියගියේ හවායි හි හොනලුලු නගරයේ දීය.

මර්කොස්ගේ දේහය බැටක් නගරයේ ප්‍රදර්ශනයට තබා ඇති අතර සැප්තැම්බර් මාසයේ දී මිහිදන් කිරීමට නියමිතව තිබේ.

1965 දී ජනාධිපතිවරණයෙන් තේරීපත්වුණු මාර්කෝස් 1972 දී හමුදා නීතිය ප්‍රකාශයට පත් කරමින් දුෂණ, වධහිංසා කිරීම්, මරා දැමීම්, පැහැරගෙන යාම් වැනිදේ හමුදාව යොදා ගනිමින් සිදුකළේය.

ඉන්පසු ජනතා විප්ලවයකින් ඔහු හා ඔහුගේ බිරිඳ බලයෙන් පහකරනු ලැබිණි

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.