කොල්ලනී ලිංගික වහලූන් තබා ගැනීම වදරක් නොවේ – ඉස්ලාම් පූජක අලී හමූදා

අලී හමූදා
අලී හමූදා

අලී හමූදා මහා බි‍්‍රතාන්‍යයේ කාඩිෆ් ප‍්‍රදේශයේ ඇති අල්මනාර් නම් පල්ලියේ පූජකයෙකි.   අලී හමූදා පසුගිය දා   හිරිමල් වයසේ පසුවන තරුණයින් අමතමින් ඇඟ හිරිවට්ටන ප්‍රකාශයක් කළේය. එය මෙසේය..

කොල්ලනි… ලිංගික වහලුන් තබා ගැනීම වරදක් නොවේ….

ඔහුගේ මෙම දේශන රහසිගත ලෙස වාර්තාකරුවෙක් විසින් රූපගත කොට අන්තර්ජාලය හරහා ප‍්‍රචාරය කර කළේය. මේ කතාව මහා බි‍්‍රතාන්‍යයේ පළවන ඬේලි මේල් පුවත්පත අපූරුවට වාර්තා කර තිබිණි.

අලී හමූදා නැමැති මෙම පූජකවරයා ඉස්ලාම් ධර්මයට නව අර්ථකතන දෙමින් මුස්ලිම් අන්තවාදය ව්‍යාප්ත කිරීමට දායකවූ අයෙක් බවට හෙලිවී තිබේ. පලස්තීනයේ උපත ලබා මහා බි‍්‍රතාන්‍යයට පැමිණ පුරවැසිකම් ලැබූවෙක් වන ඔහු විසින් පළ කළ මෙම අදහස් සම්බන්ධයෙන් විවිධ විරෝධතා එල්ලවී ඇත. ඔහු ප‍්‍රකාශ කර තිබෙන්නේ ඉල්ලාම් ධර්මයේ ඉගැන්වීමට මෙන්ම එහි සම්ප‍්‍රදායන්ට අනුව තමන් විසින් අල්ලා ගනු ලබන කාන්තාවන් ලිංගික වහලූන් සේ අපහරණය කිරීම වදරක් නොවන බවයි. එසේම ශුද්ධවූ යුද්ධය අවසන් අදියරට පැමිණ සිටින බවත් ඔහු විසින් කියා ඇත. එසේම ඉස්ලාම් ධර්මයට අනුව ලෝක විනාශය ආසන්නවනවාත් සමගම වහල් කෙල්ලන් විසින් තම ස්වාමියාට දරුවන් ලබාදෙන බවය.

ඉස්ලාම් රාජ්‍ය (ISIS) නැමති අන්වාදී සංවිධානය දැනට සිරියාවේ සහ ඉරාකයේ කොටස් තම අණසක යටතට ගෙන පාලනය කරයි. මොවුන් ඉතා කෲර ලෙස මිනිසුන් ඝාතනය කරමින් සිටති. ඒ අතර තමන් විසින් අත්අඩංගුවට ගන්නා කාන්තාවන් සහ තරුණියන් විවිධ ලිංගික අතවරවරලට ලක්කොට ඝාතනය කර තිබේ. මෙලෙස මේ අන්තවාදීහු ඉරාකයේ යසීඩි ජන කොට්ඨාශයට අයත් කාන්තාවන් සහ තරුණියන් 5000 ක් පැහැර ගෙන ගොස් සිටිති. අලී හමූදාගේ මෙම ප‍්‍රකාශයේ යටි අරමුණ වන්නේ ඉතා නුදුරේම ඉස්ලාම් අන්වාදීන් දැඩි ප‍්‍රහාරයක් ලෝකයේ ප‍්‍රධාන රටවල් මුල් කරගෙන කිරීමට ඇති ඉඩකඩය. මේ වනවිට යුරෝපයේ ප‍්‍රධාන රටවල් කීපයක්ම ඉස්ලාම් අන්තවාදීන්ගේ ප‍්‍රහාරයින්ට ලක්වී ඇත.

අලී හමූදාගේ දේශන අසා ඉස්ලාම් මූලධර්මවාදය පිළිගෙන සිරියාවේ සටනට ගිය විසි හැවිරිදි රියාද් කාන් (වමේ) සහ නාසර් මුතානා (මැද) 2014 දී කාඩීෆ් සටන්කරුවන් ලෙස බැඳීමෙන් පසු ඡායාරූපයකට පෙනී සිටි අයුරු. ආසීල් මුතානා ඡායාරූපයේ නැත. නාසර් මුතානාගේ බාල සොයුරා වූ දා හත් හැවිරිදි ආසීල් මුතානා පසුව සිරියාවේදී ඔවුන් හා එක් විය. පසුගිය වසරේදී රියාඞ් කාන් සිරියාවේදී බි‍්‍රතාන්‍ය ගුවන් ප‍්‍රහාරයකින් මිය ගියේය.
අලී හමූදාගේ දේශන අසා ඉස්ලාම් මූලධර්මවාදය පිළිගෙන සිරියාවේ සටනට ගිය විසි හැවිරිදි රියාද් කාන් (වමේ) සහ නාසර් මුතානා (මැද) 2014 දී කාඩීෆ් සටන්කරුවන් ලෙස බැඳීමෙන් පසු ඡායාරූපයකට පෙනී සිටි අයුරු. ආසීල් මුතානා ඡායාරූපයේ නැත. නාසර් මුතානාගේ බාල සොයුරා වූ දා හත් හැවිරිදි ආසීල් මුතානා පසුව සිරියාවේදී ඔවුන් හා එක් විය. පසුගිය වසරේදී රියාඞ් කාන් සිරියාවේදී බි‍්‍රතාන්‍ය ගුවන් ප‍්‍රහාරයකින් මිය ගියේය.

දෙවියන් වැඳීම පිණිස මෙම පල්ලියට පැමිණි තරුණයින් තිදෙනෙක් වන නාසර් මුතානා, රියාඞ් කාන් සහ ආසීල් මුතානා ඉස්ලාම් මූලධර්මවාදය පිළිගෙන සිරියාවේ සටන් කරුවන් ලෙස ගොස් තිබේ. මේ තිදෙනා කාඩිෆ් අන්තවාදී සටන්කරුවන් ලෙස හඳුන්වනු ලැබේ. මොවුන්ගෙන් එක් අයෙක් වන රියාඞ් කාන් සිරියාවේදී බි‍්‍රතාන්‍ය ගුවන් ප‍්‍රහාරයක් නිසා මිය ගොස් තිබේ.

මෙම පූජකවරයාගේ ඉගැන්වීම් ඉස්ලාම් ධර්මයට පටහැනි බවට විවාදයක් නැත. මෙවන් පූජකයින් විසින් කරනු ලබන හානිය පුලූපටු නොවේ. මහා බි‍්‍රතානයේ මධ්‍යස්ථ මුස්ලිම් පූජකයෙක් වන සහීඞ් රාසා මෙසේ ප්‍රකාශ කරයි. ‘ඉස්ලාම් ධර්මයට අනුව වහලූන් තබාගැනීම තහනම්. සෑම මිනිසෙක් හටම තමන්ගේ ආත්ම ගරුත්වය රැකගෙන ජීවත්වීමට අයිතියක් තිබෙනවා.. ඉස්ලාමීය ඉගැන්වීම එයයි…

සදිස

http://www.dailymail.co.uk/news/article-3716280/Yes-boys-sex-slaves-Outrage-British-Muslim-cleric-mosque-Cardiff-jihadis-radicalised-tells-teenagers-captives-permissible-Islam.html  බලන්න.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.