චීනය ටිබෙට් බොදු උරුමයත් වනසයි…

FT1වර්තිෂ 1980 දී පිහිටුවන ලද ටිබෙටයේ  විශාලතම බෞද්ධ අධ්‍යාපන ආයතනවලින් එකක් වන ‘ලාරුන් ගාර්’ විද්‍යායතනයේ ගොඩනැගිලි චීනය විසින්  විනාශ කිරීම අරඹා ඇතැයි වාර්තා වේ.

එහි පදිංචිව සිටි පිරිස් ඉවත්කර මෙම  ගොඩනැගිලි විනාශ කිරීම බදාදා ආරම්භ වූ බව  ලන්ඩනය මූලස්ථාන කරගත් ‘නිදහස් තිබ්බතය’ (Free Tibet) කණ්ඩායම ප්‍රකාශ කර තිබේ.

ලාරුන් ගාර්හි වාසය කරන 10,000 ක පිරිස 5000 ක් දක්වා අඩු කරන මෙන් පසුගිය මාසයේ ප්‍රාදේශීය බලධාරීන් නියෝග කර තිබිණි. ඉන්  අනතුරුව මෙම ගොඩනැගිලි විනාශ කිරීම අරඹා ඇති බව  නිදහස් තිබ්බත කණ්ඩායම බීබීසිට අද පැවසුවේය. එහෙත් චීන බලධාරීන් පවසා ඇත්තේ මේ ගොඩනැගිලිවලට ඔරොත්තු නොදෙන තරම් පිරිසක් එහි වාසය කරන නිසා මේ තීන්දුව අරගත් බවය.

නැගෙනහිර ටබෙටයේ සෙර්තාර් කඳුකර ප්‍රදේශය පුරා පැතිර පවතින ලාරුන් ගාර්හි දහස් ගණන් බෞද්ධ භික්ෂු භික්ෂුණීහු අධ්‍යාපනය හදාරති. ඔවුන් සිය අධ්‍යාපන කටයුතු කරගෙන ගොස් තිබුණේ ලීයෙන් කළ කුඩා කුටිවල වෙසෙමිනි. එහෙත් මෑත වසර කිහිපය තුළ මේ බෞද්ධ මධ්‍යස්ථානය ඉතා සීඝ්‍ර දියුුණුවක් ලැබීය.

මේ වනවිට චීනය ධර්මය හැදෑරීම සදහ මෙතෙක් භික්ෂු  භික්ෂුණීන් ලැගුම් කුටි බිමට සමතලා කර ඇත. සිවිල් ඇදුමින් එන පොලිස් නිලධාරින්ද මේ විනාශයට හවුල් බව Free Tibet ව්‍යාපාරය කියයි.  ඒ සම්බන්ධ ඡායාරූප  ද ඔවුන්  විසින් සිය ට්විටර් ජාලය ඔස්සේ මේවනවිට ප්‍රකාශයට පත්කර තිබේ.

මේ චෝදනාව පිළිබඳව චීන බලධාරීන් තවමත් කිසිවක් ප්‍රකාශ කොට නැත.

එහෙත් සෙක්තාර්  පළාතේ ප්‍රාදේශීය බලධාරියෙක්  ඒපී පුවත් ආයතනයට පවසා තිබුණේ සිය උත්සාහය ආයතනය නවීකරණය කිරීම විනා එහි ගොඩනැගිලි ඉවත්කිරීම නොවන බවය

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.