ජනපති මෛතී‍්‍රපාල සිරිසේන රුසියානු ජනාධිපති බ්ලැඞ්මියර් පුටින් අතර සාකච්ඡා

Maithripala Sirisena with Vladimir Putinඉන්දියාවේ ගෝවා නගරයේ පැවැත්වෙන BRICS සමුළුවේදී රුසියානු ජනාධිපති බ්ලැඞ්මියර් පුටින් හමුවූ ශී‍්‍ර ලංකා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන හට රුසියානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ ශී‍්‍ර ලංකාවේ ඉදිරි ගමන සඳහා තමන්ගෙන් උපරිම සහය ලැබෙන බවයි. රුසියාව ශී‍්‍ර ලංකාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුසිලයේදී දැක්වූ අදහස් සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවේ ජනාධිපතිවරයා රුසියානු ජනාධිපතිවරයාට තම ප‍්‍රසාදය පල කොට සිටියේය. මේ අතර වාරයේදී චීන ජනාධිපති ඩෙන්ෂියාවෝ පිං හමුවීමේ අවස්ථාවද ශී‍්‍ර ලංකා ජනාධිපතිවරයා ලැබී ඇත.

මේ අවස්ථාවේදී ශී‍්‍ර ලංකාව හා චීනය අතර පුරා 60වසක් තිස්සේ තිබූ මිතුදම් සැමරීමේ උත්සවයක් පිළිබඳව රාජ්‍ය නායකයින් දෙපල සාකච්ඡා කොට ඇත. ඉදිරියේදී චීනය ශී‍්‍ර ලංකාවට ලබා දීමට බලාපොරොත්තු වන වකුගඩු රෝහල ව්‍යාපෘතියේ ප‍්‍රගතිය සහ මොරගහකන්ද ව්‍යාපෘතියට චීන ආධාර ලබා ගැනීම පිළිබඳවත් දෙපාර්ශවය අතර සාකච්ඡා සිදුවී ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.