ජපානයේ ආබාධිතයින් මැරිය යුතු බවට මා සිතුවේ සෑහෙන කාලයකට කලින්… ඝාතකයා කියයි…

Knife 2දෙවන ලෝක සංග්‍රාමයට පසු ජපානයේ සිදුවූ බිහිසුණුම සමූහ ඝාතනය සිදුකළ 26 හැවිරිදි යටෝෂු යුමට්සු නැමැති පුද්ගලයා කලින් සිටම අබාධිත පිරිස් මරා දැමීමට සැලසුම් කර සිටි බව හෙළි වී තිබේ. ඊයේ බටහිර තෝකියෝවේ සගමිහරා නගරයේ ආබාධිත රෝගීන් සඳහා ඉදිකර තිබූ නේවාසිකගාරයක නිදා සිටි 19 දෙනෙකු පිහියෙන් ඇණ මරා දැමීමත් සමගම ජපානය බරපතල ලෙස කම්පනයට පත්වුණේය. මෙම මිනීමැරුම් කළ ටෝෂු යුමට්සු නේවාසිකාගාරයේ මීට කලකට පෙර සාත්තු සේවකයෙකු ලෙස සේවය කර ඇතැයි ඒජනසි වාර්තා සදහන් කළේය.

ඔහු විසින් මරා දමා ඇත්තේ මානසික සහ ශාරිරික ආබාධයන්ට ලක්ව සිටි රෝගීන් පිරිසකි. පසුගිය පෙබරවාරි මාසයේ පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ කතානායකවරයා වෙත ලිපියක් ලියමින් ආබාධිත පුද්ගලයන් 470 දෙනෙකු මරා දමන බවට තර්ජනය කර ඇති බවද වාර්තාවේ. මෙම ලිපිය මගින් ඔහු පෙන්වා දී ඇත්තේ ආබාධිත පුද්ගලයන් සමාජයටත්, නිවෙස්වලටත් කරදරයක්වී ඇති බවයි.

නේවාසිකාගාරයේ තට්ටුවෙන් තට්ටුව ගමන් කරමින් මෙම මිනී මැරුම් සිදු කර ඇති අතර ප්‍රථමයෙන් පළමු මහලේ නේවාසිකව සිටි කාන්තාවන් පස් දෙනෙක් මරා දමා ඉන් පසුව පිරිමි රෝගීන් සිටි ස්ථානයට ගොස් තවත් 09 දෙනෙක් ද මරා දමා තිබේ.

මෙම සිදුවීම සිදුවී පැයක් වැනි කාලයක් තුළ ඔහු තමන් පැමිණි රථයෙන්ම පොලිසියට ගොස් භාරවී තිබේ. එහිදී  ජපන් පොලීසිය විසින් ඔහු අත් අඩංගුවට ගෙන ඇති අතර පසුව මානසික ප්‍රතිකාර සඳහා රෝහල්ගත කරු අැත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.