ජාතික ගීය ගයන විට වාඩිවී සිටීම බාධාවක් නොවන හැටි – ඔබාමාගෙන් පාඩමක්…

 

Colin Kaepernick
Colin Kaepernick

තමන් ගේ සිතට දැනෙන සාධාරණ ආවේගයක් කියා පෑම සදහා ජාතික ගීය වාදනය වනවිට වාඩිවී සිටීමේ වරදක් නැතැයි ඇමරකානු ජනාධිපති බරක් ඔබාමා කියා සිටී.

ජනාධිපතිවරයා එසේ පැවසුවේ ජාතික පාපන්දු ක්‍රීඩකයෙක්වනColin Kaepernick  පසුගියදා ජාතික ගීය ගැයෙන විට වාඩි වී හිඳ විරෝධය පෑම පිලිබඳව මාධ්‍ය ‍වේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

Colin Kaepernick පවසා තිබුණේ තමා ජාතික ගීය වාදනය වනවිට හිදගෙන සිට විරෝධය දැක්වූයේ ඇමරිකාවේ කලු ජාතිකයකන්ට සිදුවන අසාධාරණයන් පිළිබද විරෝධය දැක්වීම සදහා බවය

Colin Kaepernick ජාතික ගීය ගැයෙන අවස්ථාවේ හිදගෙන සිටිමින් විරෝධතාව දැක්වූ අයුරු...
Colin Kaepernick ජාතික ගීය ගැයෙන අවස්ථාවේ හිදගෙන සිටිමින් විරෝධතාව දැක්වූ අයුරු…

මේ දිනවන චීනයේ සංචාරයක නිරතව සිටින ඔබාම පැවසුවේ Colin තමන්ට ව්‍යවස්ථාව මගින් ලැබී ඇති  නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ප්‍රයෝජනයට ගනිමින් වාර්ගික සබදතා පිළිබද නව සංවාදයක් ඇති කළ බවයි. තරුණයින් ඔහේ ආතක් පාතක් නැතිව ඉන්නවාට වඩා සජීවී සමාජ සංවාදයක නිරතවීම තමන් ප්‍රිය කරන බව ඔබාමා කියා සිටී.

“ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ”…යැයි ඔබාමා පැවසුවේය.

අමරිකාවේ කලු ජාතීන්ට සිදුවන අසාධාරණකම් වැඩිවන බව විචාරකයෝ පවසති.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ සුලු ජාතිකයෙක් මෙහෙම කළානම් මහජාතියේ ප්‍රතිචාරය කෙසේ වන්නට තිබුණාදැයි ඔබට හිතුනා ද?. මෙය ප්‍රජාතන්ත්‍රවාදය ඕනෑවට වඩා දුර දිග ගෙන යෑමක් ද?. ඔබේ අදහස කුමක් ද?

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.